Daily News
Trending

සිනමාවේ සමනලයාට වෙඩි තබා වසර 31යි.




විජය කුමාරතුංග ඝාතනය කරලා අදට අවුරුදු 30ක්. විජය කියන්නෙ ලංකාවේ සිනමාවේ සමනලයා. ඔහු තරම් ආකර්ශනයක් දිනූ නළුවෙක් එතෙක් මෙහෙත් සිනමාවේ බිහිනොවූ තරම්. ඒ වගේ ම විජය කියන්නේ රැඩිකල් දේශපාලඥයෙක්. ඒ දේශපාලනය විජයගේ ජීවිතයේ අවසානය ඉක්මන් කළා. සිංහල සිනමාවේ සමනලයාගේ ලස්සන මුහුණ වෙඩි වරුසාවකින් අවලස්සන කළේ 1988 පෙබරවාරි 16 වැනිදාක. විජය ඝාතනය සම්බන්ධයෙන් අදටත් ඇත්තේ නොවිසඳුන ප්‍රෙහේලිකාවක්. කෙසේ වුණත් ඒ නාඳුනන තුවක්කුකරුවා කුහුඹුවෙකුට තරම්වත් පීඩාවක් නැති අහිංසක මානව හිතවාදියකු පණ පිටින්ම ඝාතනය කර අවසන්. ඒ වන විට විජය යශෝදරා සහ විමුක්තිට ආදරණීය පියකුව සිටියා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතින්යගේ දයාබර ස්වාමිපුරුෂයාව සිටියා. සුවහසක් සිනමා රසික රසිකාවන්ගේ සිහින කුමාරයාව සිටියා. විජය ඝාතනය සිදුවූ ඒ අමිහිරිතම දිනය එලෙස උදා නොවුණා නම් ලංකාවේ සිනමා සහ දේශපාලනය ඉතිහාසය කොයි ආකාරයට වෙනස් වේවිද? ඒ සඳහා විජයව කියවීමට අපි ඔබට ආරාධනා කරනවා.

සිංහල සිනමාවේ අවසාන තරුව හැටියට ගොඩක් දෙනෙක් පිළිගන්නෙ විජයව. ඔහුට තිබුණේ මිනිස්සුන්ට ළංවෙන්න පුළුවන් විදියේ පෞරුෂයක්. කරට අතදාගෙන කතාකරන්න පුළුවන් කියල දැනෙන සමීපකමක් මිනිස්සුන්ට විජය ගැන තිබුණා. ඒ නිසා ඔහුට ඉතා ඉක්මනින් දේශපාලන ප්‍රවාහයට පිවිසෙන්න පුළුවන් වුණා.

යුද්දෙ දරුණුවට තිබුණු 1986 වගේ කාලෙක විජය යාපනේට ගිහින් දෙමළ කැරලිකාර කණ්ඩායම් එක්ක සාකච්ඡා කරනවා. ඔහුට ඒ තරම්ම ගැඹුරට මුල් ඇදුණ දේශපාලන සබඳතා තිබුණා.

විජය කියන්නෙ සිනමාවේ එක කාලයක් නියෝජනය කරපු ප්‍රභාමත් චරිතයක්. විජය – මාලනී සුසංයෝගය ලංකාවේ සිනමාවේ මුණගැසුන සුන්දරතම යුගලය. අදත් විජයගේ වියෝව වෙනුවෙන් සංවේදී වන සුවහසක් රසික ජනතාව වෙනුවෙන් අපි මේ ඉතාම කෙටි සටහන තබනවා.

ආදරණීය විජය ඔබට සුබගමන්!

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close