
සිද්ධාර්ත් මල්හෝත්‍රා කියන්නේ බොලිවුඩ්වල සිටින ජනප්‍රිය සහ කඩවසම් රංඟන ශිල්පියෙක්. සිද්ධාර්ත්ට ලස්සනට නටන්නත් පුළුවන්.
ඒක නෙමෙයිනේ අලුත්ම කතන්දරේ. සිද්ධාර්ත් යාළුවෙලා හිටියේ ආලියා බාත් එක්ක කියලා ඔයාලා දන්නවනේ. ඒත් ඒ සම්බන්ධය වැඩිකල් නොගිහින් දෙකට කැඩුණා. ඊට පස්සේ සිද්ධාර්ත්ගේ හිත නතරවුණේ කොහේද?
ඒ ගැන පොඩි ආරංචියක් අපිටත් දැනගන්න ලැබුණා. කරන් ජෝහාර් කියන්නේ සිද්ධාර්ත්ගේ සමීපතම හිතවතා. කරන්ගේ සමීප මිතුරියක් ඉන්නවාලු කියාරා අද්වානි කියලා. කියාරා බොලිවුඩ් සිනමාවට පයගහපු නවක නිළියක්.
ඉතින් කරන් කියාරාව සිද්ධාර්ත්ට ප්‍රොපෝස් කරනවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්නා තැන තැන මුණගැහෙන ආකාරය ඉන්දීය මාධ්‍යවලට හසු වෙනවා. එහෙම හමුවෙන්නේ නිකම්ම වෙන්නත් බැහැනේ.
හැබැයි මේ දවස්වල සිද්ධාර්ත් මහන්සි වෙන්නේ එයාගේ අලුත්ම චිත්‍රපටය වෙනුවෙන්. Jabariya Jodi ලෙස නම් කරලා තියෙන මේ නිර්මාණයේ දී සිද්ධාර්ත්ගේ පෙම්වතිය ලෙස පෙනී සිටින්නේ පර්නීති චොප්‍රා කියලත් ආරංචියි.