
පහුගිය දවස්වල සෝනු නිගම් ඇතුළු ඉන්දීය කලාකරුවන් පිරිසක් ලංකාවට ඇවිත් ගියානේ. අන්න ඒ වෙලාවේදී තමයි සෝනුට මේ අවස්ථාව උදාවෙන්නේ.
සොනු නිගම් කියන්නේ මුළුමහත් ඉන්දියාවම වසඟයට ගත්ත හඬක්. ඉන්දීය සිනමාවට ඔහුගේ කටහඬ ඉතාම හුරුපුරුදුයි. ලාංකීය සිනමා ප්‍රේක්ෂකයින් ද සෝනු නිගම්ව ඉතා ඉහළින් අගය කරනවා.
මේ නිසා වෝග් ජුවලර්ස් ආයතනය ඔවුන්ගේ වෙළෙඳ දැන්වීමක් සඳහා සෝනුනිගම්ව පාවිච්චි කරන්න කටයුතු කරනවා. වෝග් ජුවලර්ස් කියන්නෙත් ලංකාවේ නම්බර් වන් රත්‍රං ආභරණ නිෂ්පාදන ආයතනයක්නේ. ඒ නිසා සෝනුව වැඩේට කැමති කරවාගන්න පුළුවන් වෙනවා.
අවසානයේ සෝනුගේ ගීත ගායනයෙන් සහ රංඟනයෙන් නිර්මාණය වුණ වෝග් ජුවලර්ස් වෙළෙඳ දැන්වීම එක රැයින් ලංකාව පුරා රසික ජනතාව අතර හුවමාරු වෙනවා.
ෆේස්බුක් සමාජ ජාල මාධ්‍යය ඔස්සේ විනෝදාස්වාදය ගෙන ආ මෙම දැන්වීමට නානාප්‍රකාර ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ඒ බොහෝමයක් සෝනුගේ සිංහල උච්ඡාරණය හාස්‍යයට ලක් කරමින් පළ කළ ප්‍රතිචාර වීම මෙහි ඇති විශේෂත්වයක්.
සෝනු සිංහල භාෂාව හසුරවන්නෙක් නොවන නිසා එහෙම අපිට ඉතාම සාර්ථක උච්ඡාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒත් ආශා බෝස්ලේ එක්ක භාතිය-සන්තුෂ් ගායනා කළ සිංහල ගීත ඇහුවාම නම්, සෝනුට තව ටිකාක් හොඳින් සිංහල භාෂාව උච්චාරණය කරන්න තිබුණා කියලත් හිතෙනවා.
අවසානයේ කොහොමින් කොහොම හරි වෝග් ජුවලර්ස් ආයතනය ඔවුන්ගේ වෙළෙඳ උපක්‍රමය සාර්ථක කරගන්නවා. ඒ මොකද කියනවා නම් මේ වනවිට සෝනු පෙනී සිටින මෙම වෙළෙඳ දැන්වීම නොබලපු කෙනෙක් නොමැති තරම්.