Daily News
Trending

සාලිය වසර පහකින් ආයෙත් රංගනයට…




සාලිය සත්‍යජිත් කියන්නෙ හැඩකාර රුවත් එක්ක කාලයක් පුරාවට රූපවාහීනියේ නිරන්තරයෙන් දකින්න ලැබුන චරිතයක් උනා. හැබැයි ඉන් පසු කාලයක් පුරාවට සාලියව දැක ගන්න අපට අවස්තාවක් නැති උනා. පසුගියදා ආයෙත් අපට සාලියව දැක ගන්න ලැබුනෙ එක්තරා රුපවාහිනි නාලිකාවක රියැලිටි තරගයකින්..

බොහො දෙනෙක් සාලියගෙන් ඇහුවේ මේ තරම් කාලයක් කොහෙද හිටියේ කියලා. සාලියා මේ වෙලාවේදි ඒකට උත්තර දීලා තිබුනෙ මෙහෙමයි.’මම මුලින් රංගනය තමයි මගෙ වෘත්තීය කරගෙන හිටියේ. නමුත් කාලයක් යද්දි මට තේරුනා රංගනය වෘත්තිය කරගෙන ජීවත් වෙන්න බැහැ කියලා. මට නර්තන හැකියාව තියෙන නිසා මම ඒක වැඩිදියුණු කරගෙන ගුරුවරයෙක් විදියට ලියාපදිංචි උනා. දැන් මම ගුරුවරයෙක්. ඉතින් ඊට පස්සේ මම විවාහ උනා දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ආයෙත් හොද අවස්තාවක් ලැබුනොත් මම රංගනයට එනවා. වසර පහක් විතර මම මෙ විදියට කලාවෙන් ඈත්වෙලා හිටියා.
මෙන්න මෙ හේතු නිසා තමයි සාලිය රංගනයෙන් ඈත්වෙලා ඉදලා තියෙන්නෙ. කොහොම උනත් සාලියට ආදරේ කරන ප්‍රේක්ශකයන්ට ආයෙත් ඔන්න සාලියව දැකගන්න පුලුවන් ලගදීම.

Show More
Close