GossipsHollywood & Bollywood
Trending

සාරා වලියක පැටළිලාලු..




සාරා අලී ඛාන් කියන්නේ සයිෆ් අලී ඛාන්ගේ මුල් විවාහයේ දියණිය. මේ වෙන කොට සාරාත් බොලිවුඩයේ වැඩ පෙන්වන්න පටන් ගෙන තියෙනවා. පියාගේත් මවගේත් අඩිපාරේ යමින් සාරා මේ වෙනකොට සිනමා රංඟනයට පිවිසිලා තමයි ඉන්නේ. පසුගියදා සාරා පොඩි වලියක් දාගෙන තිබුණා. හරි ඉක්මනට බොලිවුඩයේ මාධ්‍යය මේක උණු කැවුම් වගේ වාර්තා කරලා තිබුණා.
බොලිවුඩයේ සිනමා තරුවත් පැපරාසියත් කියන්නේ සමාන වචන දෙකක් වගේ. සිනමා තරු කොතැනද එතන අනිවාර්යෙන්ම පැපරාසියත් ඉන්නවා. ඉතින් පසුගියදා සාරා ජිම් එකට ගිහින් ඉන් පිට වෙද්දී ඇගේ ජංගම දුරකතනය ඔබමින් කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇගේ පසු පස යන කැමරා ශිල්පියෙක් මේක දුර ඉඳන් වීඩීයෝ කරමින් තමයි ඉන්නේ.
හදිසියේම මේක දකින සාරාට හරියට කේන්ති යනවා. මේ කැමරා ශිල්පියාට බනිමින් ඔහුව තල්ලු කරන්නත් සාරා පැකිලෙන්නේ නැහැ. ඇය මොනවා කියලද බනින්නේ කියල නම් පැහැදිලි නැහැ. සමහරු කියලා තිබුනේ බොලිවුඩයේ වෙනත් නළු නිලියන්ට තරම් සාරාට පැපරාසි වැඩ දරාගන්න බැහැ කියලා.
Tags
Show More
Close