GossipsHollywood & Bollywood
සාරා අලිඛාන් බොක්ස් ඔෆිස් මැෂිමක්ලු. Exclusive Photos & Video
Sara Ali Khan

Sara Ali Khan Exclusive from Starfriends.lk
සාරා අලිඛාන් (Sarah Ali Khan) කුළුඳුලේ රඟපෑ කේදර්නාත් (Kedarnath) සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්තා අතරට යනවා. මේ දිනවල තිරගතවන සිම්බා (Simmba) සිනමා කෘතිය ඇගේ දෙවැනි සිනමා කෘතිය වනවා. විචාරකයන් පවසන්නේ සිම්බා ද වාර්තා අතරට යනු ඇති බව. ඉතින් සිනමාවට ආපු ගමන් මේ තරම් ආකර්ශනයක් දිනාගත්ත සාරා ගැන තොරතුරු ටිකක් කියන්න ඕනේ කියලා අපි හිතුවා.
සාරා කියන්නේ සයිෆ් අලිඛාන් සහ අම්රිතා සිංගේ දියණිය. ඒ විතරක් නෙමෙයි ශර්මිලා තාගෝර්ගේ මිනිබිරිය. සරාට බොලිවුඩ් සිනමාව සම්බන්ධයෙන් තියෙන්නේ පාරම්පරික උරුමයක්. රංඟන කුසලතාව ඇගේ ජානවලටම ඇතුලත්ව තිබෙනවා. මන්සූර් අලී ඛාන් පතාවුඩ් කියන්නේ සාරාගේ සීයා. ඇය ඉපදෙන්නේ 11995 අගෝස්තු 12 වැනිදාවක. දැන් ඇයට අවුරුදු 23ක්.
කොලොම්බියානු විශ්වවිද්‍යාලයෙන් නීතිය සහ දේශපාලනය පිළිබඳ උපාධියක් ලබාගත්ත ඇය ඊට පස්සේ සිනමා රංඟනයට පිවිසෙනවා. නමුත් සාරා කුඩා කලදීම වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටියා.
සාරා ට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඊබ්‍රහීම් අලිඛාන් කියන්නේ ලොකු මල්ලි. ඔහු තෂාන් සිනමා පටය හරහා ළමා නළුවකු ලෙස සිනමාවට ප්‍රවිශ්ට වෙනවා. සාරාගේ දෙවැනි මල්ලී වන්නේ තායිමූර් අලි ඛාන්. ඔහු සයිෆ්ගේ දෙවැනි කසාදය වන කරීනාගේ දරුවෙක්.
රංඟනයේදී සාරාගේ පරමාදර්ශී චරිතය වුණේ ඓශ්වර්යා රායි. පුංචි සාරා ඓශ්ගේ ප්‍රසංග සියල්ලම පාහේ නරඹා තිබුණා. ඇය කවදා හෝ ඓයිශ් වැනි දක්ෂ සහ ජනප්‍රිය නිළියක් වන බව සායිෆ් අලිඛාන්ටත් කියලා තිබුණා.
සාරාට වයස අවුරුදු 9ක් වෙද්දි ඇගේ මවත් පියාත් නීතියෙන් වෙන් වීමට තීරණය කරනවා. ඒ සම්බන්ධයෙන් පසු කාලෙක ඇය පවසන්නේ මෙන්න මේ විධියට.
” අතීතය දිහා බලලා මම කිසිම වෙලාවක පසුතැවෙන්නේ නැහැ. අම්මා මගේ ජීවිතයේ සෙවනැල්ලක් වගේ පසුපසින් ඉන්නවා. තාත්තා කියන්නේ මගේ අතීතය. වර්තමානයේ අපි හොඳ යහළුවෝ වගේ ඉන්නේ. කරීනා මගේ අම්මා කියලා මම කිසිම විදියකින් පිළිගන්න සූදානම් නැහැ. රංඟන ශිල්පිනියක් ලෙස මම ඇගේ රංඟනයට ගරු කරනවා.”
සාරා අලිඛාන් තමන් රඟපෑ පළමු සිනමාපටයෙන්ම සාර්ථකත්වයට පත්වන්නට තරම් වාසනාවන්ත වුණා. බොලිවුඩයේ සිහින කුමරා සේ සැළකෙන රන්වීර් සිං සමඟ ඇය සිම්බා සිනමා කෘතියෙන් හමු වෙනවා. රෝහිත් ශෙට්ටි අධ්‍යක්ෂණය කළ “සිම්බා” ද දැනටමත් සුවිශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටිනවා.
Sara Ali Khan Exclusive from Starfriends.lk