Daily News
Trending

සාරංග – දුලානි – සනත් ආදර ගැටුම රැගෙන සංගිලි රිදී තිරයට.

Sangli Movie




සංගිලි කියන්නේ “පොලිටිකල් ජෝක්ස්” අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ලලිත් පන්නිපිටියගේ දෙවන සිනමා නිර්මාණය. මෙම වසරේ අග භාගයේදී මෙම චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය වීමට නියමිතයි.

මව්පියන් යටතේ හැදී වැඩුණු දැරියකට ඛේදජනක ඉරණමකට මුහුණ පෑමට සිදුවීම නිසා ඇගේ ජීවිතයේ ඇතිවන වෙනස් වීම් පිළිබඳ “සංගිලි” චිත්‍රපටය තුළින් නිරූපණය වනවා.

මෙහි ප්‍රධාන භූමිකාව වන “සංගිලි”ගේ චරිතය සඳහා දක්ෂ රංගන ශිල්පිනියක් වන දුලානි අනුරාධා සම්බන්ධ වනවා. “ගැහැණිය ගැහැණියකට එරෙහි වූ දා” යන තේමාවෙන් නම්කර ඇති”සංගිලි” ගැහැණියකගේ කුඩා කාලයේ සිට වැඩිවිය දක්වා වයස් ස්ථර කිහිපයක් ඔස්සේ දිවෙන කතා පුවතක්.

කේ. ජී. ශිරාණි ඩයස්, ජී. ධර්මරත්න “සංගිලි”චිත්‍රපටය සඳහා නිෂ්පාදනයෙන්ද, ඒ. එච්. කරුණාරත්න තිර රචනයෙන්ද, නිලන්ත පෙරේරා සහය අධ්‍යක්ෂණයෙන්ද, හේමචන්ද්‍ර පෙරේරා කලා අධ්‍යක්ෂණයෙන්ද, නිලන්ත චූලරත්න කැමරාකරණයෙන්ද, නිරංජන් චමින්ද පන්නිපිටිය හා පී. ඒ. එන් සුසන්ත නිෂ්පාදන කළමනාකාරිත්වයෙන්ද, ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන්ද, සමන් පනාපිටිය සංගීත අධ්‍යක්ෂනයෙන්ද දායකත්වය ලබා දී තිබෙනවා.

දුලානි අනුරාධා සමග වීණා ජයකොඩි, සනත් ගුණතිලක සහ සාරංග දිසාසේකර වැනි ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන් හා ශිල්පිණියන්”සංගිලි”සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

“සංගිලි” චිත්‍රපටය සඳහා වැය වී ඇති සමස්ත පිරිවැය රුපියල් ලක්ෂ 80 ක් පමණ වන බව සඳහන්.

සංගිලි සිනමා නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කෙරෙන්නේ 2012 වර්ෂයේදී. දීර්ඝ කාලයක් මේ සිනමා නිර්මාණය තිරගත වීමට කල් බලනවා. එහි ප්‍රතිඵලයක් විදියට සංගිලි හී චරිත නිරූපනය කරන ඇතැම් ශිල්පීන් අද ජීවතුන් අතරත් නැහැ. රෙබෙකා වගේම විමල් කොස්තා මහතාත් ඒ අතර ඉන්නවා. ලංකාවේ චිත්‍රපට පෝලිමේ හිට ගත්තාම අත්වන ඉරණම තමයි මේ. සංගිලි සමඟ සාරංග දිසාසේකර ගේ වෙනස් චරිත නිරූපනයක් දැකගන්නත් පුළුවන්.

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close