Daily News
Trending

සාරංගත් රට පනීද.. – සාරංග දිසාසේකර




සාරංගව ගොඩක් දෙනෙක් දැනගෙන හිටියෙ teledrama වලම විතරක් act කරන නළුවෙක් විදියට. ඒත් ඉතින් නළුවෙක් කියන්නේ නිකම්ම නිකන් ඉන්න චරිතයක් නෙවෙයිනෙ. රංගනය නම් රංගනය ඒකෙ ආයෙ දෙකක් නෑ. නටන්න දන්න මිනිහට පොලව ඇද වෙන්න හේතුවක් නෑනෙ. ඒක තමයි සාරංග stage Drama වලටත් අඩිය තිබ්බෙ. වරද්දලා තේරුම් ගන්න එපා මේ සාරංගගෙ ආරම්භය එහෙම නෙවෙයි දැන් සාරංග stage Drama අටකට සම්බන්ධ වෙලා රාජ්‍ය සම්මාන උලෙලකදි හොඳම නළුවා සම්මානයටත් නිර්දේශ වුණු කෙනෙක්. “පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්” තමයි සාරංග සෙට්වෙලා ඉන්න අලුත්ම stage drama එක.

සාරංග කියන විදියට නම් සජීවීව ඒ මොහොතේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට සාරංග හරි කැමතිලු, ඒ වගේම එයාව රාජ්‍ය සම්මාන නාට්‍ය උළෙලදි හොඳම නළුවා විදියට නිර්දේශ වුණ එකත් එයාට වේදිකාවේ වැඩ කරන්න දිරිගැන්වීමක් වුණාලු. කොහොම උනත් පහුගිය කාලයක් තිස්සේ විටින් විට සාරංග පිටරට සංචාරවල තමයි හිටියේ. කීප පාරක් ඔස්ට්‍රේලියාවේ එහෙමත් ගියා. එතකොට ගොඩක් දෙනෙක් කියන්න ගත්තා සාරංග පිටරට පදිංචියට යන්න හදන්නේ කියලා. කොහොම වුණත් සාරංග ඊයේ පෙරේදා දවසක සිංගප්පූරු ගියේ නම් starfriends අපිත් එක්ක universal studio එකට. කවුරු කොහොම කිව්වත් සාරංග කියන්නේ එයා ලංකාව අතෑරලා දාලා යන්නෙ නෑ කියලයි. ඒ විතරක් නෙවෙයි තමන්ගෙම කියලා අලුතෙන් පටන්ගත්ත බිස්නස් එක කරගෙන යන ගමන් music පැත්තට එන්නත් අදහසක් තියෙනවාලු.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close