Daily News
Trending

සාරංගගෙන් සංවේදී ඉල්ලීමක්.




ෆේස්බුක් ලයිව් ආපු සාරංග සියලුම ජනතාවගෙන් සංවේදී ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම ඇතුලේ මනුෂ්‍යත්වය පිළිබඳ කතාවකුත් කියවෙනවා.

සාරංග සිහිපත් කරන්නේ පිළිකා රෝගී තත්ත්වයන් නිසා පීඩා විඳින දරුවන් පිළිබඳව. ඔවුන් වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් අපිට කරන්න පුළුවන් මොනවද? මුල්‍ය පරිත්‍යාගයකින් ඔවුන්ට අවශ්‍ය ඖෂධ,ආහාර පාන, වෛද්‍ය උපකරණ ලබාගන්න උපකාර කරන්න අපිට පුළුවන්.

සාරංග දිසාසේකර, පුබුදු චතුරංග, සරත් කොතලාවල, සරත් චන්ද්‍රසිරි, කුමුදු නිශාන්ත, ජනක රණසිංහ ඇතුළු “ඒකා සාක්කුවේ” වේදිකා නාට්‍ය කණ්ඩායම එවැනි සත්කාරයකට මුලපුරනවා. ඒ Colombo united 306C2 සිංහ සමාජය එක්ක එකතුවෙලා. ළමා පිළිකා ඒකකයට ආධාර පිණිස නොවැම්බර් 18 වැනිදා කොළඹ නව නගර ශාලාවේදී වේදිකාගත කරන ඒකා සාක්කුවේ වේදිකා නාට්‍යය නරඹන්න එන්න කියලා සාරංග ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

පවුලේ සැමට එකට නැරඹියහැකි විනෝදජනක නාට්‍යයක් ලෙස මේ නාට්‍යය හඳුන්වා දෙන්න පුළුවන්.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close