Daily News
Trending

සාරංගගෙන් විවාහ යෝජනාවක් ආවොත් තුෂිනි මොකද කරන්නෙ?




බැරිවෙලා හරි එහෙම විවාහ යෝජනාවක් ආවොත් තුෂිනි ඒ යෝජනාව පැත්තකින් තියලා මෙන්න මේ දේවල් ගැන හිතනවලු.

තුෂිනි කිව්වේ කෝටිපතියෝ කතාවට එකතුවුණ ආධුනික රංඟන ශිල්පිනිය. ඇය මේ වන විට හුඟක් ජනප්‍රියයි. තුෂිනි කෝටිපතියෝ කතාවේ වැඩිපුරම දකින්න ලැබෙන්නෙ සාරංග එක්ක. ඒ කිව්වේ අංජලී සහ ලාරා විදියට තමයි මේ දෙන්නා මුණ ගැහෙන්නෙ. කොහොම වුණත් අංජලීගේ හිතේ නම් ලාරා ගැන විශේෂ හැඟීමක් මෝදු වෙමින් තියෙනවා. ඒවා කොහොම වුණත් තුෂිණිට සාරංග කියන්නෙ නම් ඉතාම සහයෝගයෙන් වැඩකරන්න පුළුවන් රංඟන ශිල්පියෙක් ලු. වචන වලින් ඒ ගැන කියලා නිමකරන්න බැහැ ලු. පළවෙනි දවසේ ම රූගතකිරීම් වලදි තුෂිණිට මුණගැහෙන්නෙ සාරංගව. එදා තුෂිනි ළඟ ගොඩක් අඩුපාඩු තිබිලා තියෙනවා. ඒවා හදාගන්න උදව් කරලා තියෙනෙ සාරංග. මේ නිසා තුෂිනි සාරංගටයි ජය ප්‍රකාශ්ටයි ස්තූති කරනවා.

තුෂිනිට දැන් නිර්මාණවලට ගොඩක් ආරාධනා ලැබෙනවා. සිනමා නිර්මාණයකටත් ආරාධනා ලැබිලාලු ඉන්නෙ.

Show More
Close