මාස 6ක් තිස්සේ සිදු කළ වෙහෙස මහන්සියක ප්‍රතිඵලය ඊයේ රෑ ස්ටාර් සිටි වේදිකාවෙදි මල් ඵල ගැන්වුණා. යුගල වශයෙන් තරගවැදුන මෙම රියැලිටි තරගයට විවිධ ක්ෂේත්‍රවල අති දක්ෂයින් සහභාගී වී සිටියා. මේ අය අතරින් අවසන් වටයට තේරුනේ යුගල තුනයි.
ඒ ඩිනක්ශි-ශනුද්‍රි, රොමේෂ්-තීක්ෂණ, රන්දිර්-අශාන්ති. අවසන් මහා තරගයේදි රන්දීර්-අශාන්ති යුගලයට සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිවෙනවා. ඒ දක්වා ආපු හැටි රන්දී අවසානයේ ෆේස්බුක් ලයිව් ඇවිත් හෙලි කරනවා.
රන්දීර් මුලින්ම එයාලට එස්.එම්.එස් මනාප පලකරපු රසික රසිකාවියන් හැමෝටම ස්තූති කරනවා.
දෙවනුව රන්දීර් හරි අපූරු කතාවක් කියනවා. ඒ තමයි මේ දක්වා ආපු විදිය ගැන කරපු හෙලිදරව්ව. රන්දීර් කියන විදියට මේ දෙන්නා සෙමි ෆයිනල් රවුන්ඩ් එක ගොඩදාගන්නෙ භාතිය සන්තුෂ්ලාට පිංසිද්ද වන්න. මොකද එම වටයේදි රන්දීර් සහ අශාන්ති ගායනා කරන්නෙ භාතිය සන්තුෂ්ලගේ “හෝයියා…හෝ හෝ…” කියන ගීතයලු. ඒක අහපු විනිශ්චය මණ්ඩලය ගෝල්ඩන් ප්‍රෆෝමන්ස් කියන ඇගයීම යටතේ මේ දෙන්නව කෙලින්ම ෆයිනල් වටයට යවනවා. ෆයිනල් ආවට පස්සේ එයාලා භාතිය සන්තුෂ්ගේ ගීත දෙකක්ම තෝර ගන්නවා.
ඉතිං රන්දීර් සහෝදර ශිල්පී භාතිය සහ සන්තුෂ්ටත් මේ ජයග්‍රහණය ලබාගන්න ලැබීම සම්බන්ධයෙන් ස්තූති කරනවා.