GossipsHollywood & Bollywood
Trending

” ස්ට්‍රි ” හිට් වුණේ ශ්‍රද්ධා කපූර් නිසාද?




ශ්‍රද්ධා කපූර් කියන්නේ අති දක්ෂ ප්‍රහසන නළුවෙක් වන ශක්ති කපූර්ගේ දියණියක්. ඇයට දැන් වයස අවුරුදු 31ක් වෙනවා. ගායිකාවක් ලෙස වගේම නිළියක ලෙසත් ඉන්දීය ජනතාව අතර ඇය ජනප්‍රිය වෙනවා. මේ වෙද්දී ශ්‍රද්ධා කපූර් කියන්නේ ගායනයෙන් වගේම රංඟනයෙනුත් සම්මානනීය වුණ කෙනෙක්.

ඇය රඟපෑ චිත්‍රපට සුපර් හිට් නොවුණත් ඒවා ඉතාම සුන්දර චිත්‍රපට බව කිව යුතුයි. කොහොම වුණත් ශ්‍රද්ධා මෑතකදි රඟපෑ චිත්‍රපටයක් බොලිවුඩ්වල සුපර් හිට් වෙනවා.

අගෝස්තු 31 වැනිදා ඉන්දියාවේ හා ලොව පුරා ප්‍රදර්ශනය කළ කෞෂික්ගේ “ස්ට්‍රි” කියන චිත්‍රපටය තමයි මේ විදියට බොලිවුඩ් සුපර් හිට් චිත්‍රපටය බවට පත් වන්නේ. ශ්‍රද්ධා කපූර් රඟන මේ සිනමාපටය ඉන්දියාවේදී පමණක් රුපියල් කෝටි 74ක ආදායමක් උපයන්න සමත්ව තිබනවා. රුපියල් කෝටි 13ක් වැනි අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ චිත්‍රපටයක් වීම තමයි මෙහි තිබෙන විශේෂත්වය.

ස්ට්‍රි චිත්‍රපටය මේ තරම් සාර්ථකත්වයක් අත්පත් කර ගත්තේ ශ්‍රද්ධා කපූර් නිසා කියලයි සිනමාපටය නැරඹූ අය නම් කියන්නේ.

Tags
Show More
Close