
සල්මන්ගෙත් කත්‍රිනාගෙත් ප්‍රේම කතාවෙන් පස්සේ වැඩිපුරම සල්මන් එක්ක ඉන්නවා දැක්කේ ජැකලින්. මේ නිසා මේ දෙන්නා ගැන සමහර අය කතා හැදුවෙ නැත්තෙමත් නැහැ.
කොහොම වුනත් ශ්‍රි ලංකා සම්බවයක් තියෙන ජැකලින්ට බොලිවුඩයෙන් ගොඩක් සමීප වුනෙ සල්මන් කිවොත් හරි. මේ නිසා ජැකලින්ව රේස් සිනමා පටයටත් තෝරගත්තා. මේ වෙනකොට සල්මන්ගෙ අලුත්ම ෆිල්ම් එක “භාරත්” එකටත් ඇයව යෝජනා කරලා තිබුනා. හැබැයි දැන් ලැබෙන ආරංචි වල හැටියට සල්මන් තීරණය කරලලු තවත් ජැකලින් තෝරනොගන්න.
මේකට හේතු වුනෙ රේස් ෆිල්ම් එක අසාර්ථක වුන නිසා. ජැකලින්වත් සල්මන්වත් හොදම ජෝඩුවක් නෙමෙයි කියලා රසිකයින් හිතනවා ඇති කියලා තමයි සල්මන් කියන්නෙ. මේ අවස්ථාවට ප්‍රියංකා හරි කත්‍රිනා හරි එකතු කරගන්නලු සල්මන් හිතන් ඉන්නේ.