
Salman Khan Exclusive from Starfriends.lk
Bollywood ලෝකෙ තනිකරම පිස්සු නටන character එක කවුද කියලා ඇහුවොත් ආයෙ ඉතින් කතා දෙකක් නැතුවම කියන්න තියෙන්නේ එකම කෙනෙක් ගැන තමයි. එයා salman khan සමහරු පණ්ඩිත වැඩ කරාට ඒ ගතිය මූනෙන් නම් පේන්න නෑ. ඒ වගේම තමයි තවත් සමහරු කොච්චර මල් කුමාරයෝ වුණත් මනමාලකම මූණෙන් පේන්නේ නෑ. ඒ වුණත් ඔන්න මනමාලකම කියන එක මූණෙ තියාගෙන උපතින්ම මනමාල වැඩ කරපු හාදයෙක් තමයි සල්මන් ඛාන් කියන්නේ. ඛාන්ලා ගොඩක් බොලිවුඩ්වල කරක් ගැහුවත් මේ ඛාන් නම් නම් ඒ ඛාන්ලගෙන් වෙනස්. කාලයක් තිබ්බා හොඳ පත්තුවෙන news නිවුස් නම් එකක් නම් සල්මන්. එහෙමත් නැත්නම් මිනිස්සුන්ට පත්තුවෙන News එකක් ඕනනම් හොයල බලන්නෙ සල්මන් ගැන. එතකොට ඉතින් ෂුවර් තමා ඕනේ විදියේ ඕන නිවුස් එකක් හිතේ හැටියට හොයාගන්න පුළුවන්.
සල්මන් පැත්තක තියන්නකෝ. හින්දි සිනමාව කියන්නේ තනිකරම love paradise එකක්. එහෙම කිව්වා කියලා හැමෝටම එකේ නැටුම් නටන්නත් බෑ. ඒකට වෘත්තීය සුදුසුකම් තියෙන්නත් ඕන. අන්න ඒකට නම් කියාපු මිනිහ අපි මේ කතා කරන සල්මන්. ලිස්ට් එකක් හැදුවොත් එහෙම සල්මන් affairs තිබ්බ ගෑණුපරාන ගැන අච්චරයි මෙච්චරයි කියලා, ලියලා නම් ඉවර කරන්න හම්බ වෙන්නේ නෑ.
සල්මන්ගේ සුපිරිම love එක තිබුනේ අයිශ්චර්යා එක්ක. love එක සුපිරි වුණත් ඒකට ෆුල්ස්ටොප් එක වැටුණේ 2001 අවුරුද්දේදී. ඔන්න ඊට පස්සේ සොමී අලී, කත්රිනා කයිෆ්, සංගීතා බිජ්ලානි, කියන බොලිවුඩ් තරැත් සල්මන්ගෙ පාට්නස්ලා වෙලා හිටියා. කතාව කියන විදියට ජැක්ලිනුත් සල්මන්ගේ කැච් එකක් වෙලා හිටියලු. ඉතින් ඒකනම් අපි හරියටම කියන්න දන්නෙ නෑ. ඒවත් ඉතින් බොලිවුඩ් වලින් ආපු ගොසිප් තමයි.
කොහොම වුණත් ඔන්න දැන් සල්මන් ආයෙමත් අලුත් සෙල්ලමක් දාන්න ලේස්ති වෙනවා. ඒක අර ඉස්සෙල්ලා කිව්ව වගේ love Paradise එකේ ප්‍රේම කතාවක් නම් නෙවෙයි. සල්මන් මේක කරන්න ලේස්ති වෙන්නේ පුදුම භක්තියකින්ලු. මොන සෙල්ලම් දැම්මත් මේ වෙනකන් සල්මන් කසාදයක් කරගන්න හිතලවත් නෑ. ඔන්න දැන් මිනිහට තකහනියෙම ඕන වෙලා තියෙනවා දරුවෙක් හදාගන්න. වැඩේ කියන්නේ දරුවෙක් හදන්න ගෑනු මනුස්සයෙක් ඉන්න එපායැ. ඒත් ඉතින් සල්මන් ඒවායින් සැලුනේ නෑ. අන්න එකටත් ක්‍රමයක් හොයාගෙන තියෙනවා. වෙන කාන්තාවගේ ගර්භාෂයක තමන්ගේ දරුවා හදා ගන්නයි මෙයා හදන්නේ. තවමත් සල්මන්ගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර ඉන්න නිසා ඒ දෙන්නා සතුටින් තියන්න ඕනේ කියලා තමයි සල්මන් මේ වැඩේට අතගහලා තියෙන්නේ. ඉතින් මේ දවස් වල සල්මනුත් තනිකරම වැඩේට බැහැලා ගර්භාෂ හොයනවලු.
Salman Khan Exclusive from Starfriends.lk