
බොලිවුඩයේ කිරුල නොදීනූ සිහින කුමාරයා සල්මන් ඛාන් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එදා මෙදා තුර දහසකුත් තරුනියන්ගේ හදවත් සොරාගන්න සල්මන් සමත් වුනා. හැබැයි මේ කාටවත් සල්මන්ගේ හදවතනම් සොරාගන්න පුලුවන්වුනේ නැහැ.
වසර කිහිපයකට කලින් සුපිරි නිලි අයිශ්වර්යා රායි සමග ප්‍රේම සම්බන්දයක් තිබුනත් ඔහුගේ නොහික්මුනු ගතිගුන නිසාම මේ දෙන්නා වෙන්වුනා කියලා තමයි ආරංචි.අද ඇය විවාහ වෙලා මවකුත් වුනා. ඒත් සල්මන් විවාහ වුනේ නැහැ.ඒ අතරතුර සබදතා කිහිපයක්ම තිබුනත් ගොඩක්ම ප්‍රසිද්ද වුනේ කත්රිනා කායිෆ් සමග තිබුන ප්‍රේම කතාව. නමුත් අවාසනාවකට ඒකත් මගදි නැවතුනා.
පසුගියදා මේ දෙන්නගේ කතාව උඩට ආවේ එකට සිනමාපටයක රංගනයෙන් එකතු වුන නිසා.ඒ වගේම සල්මන්ගේ මව සලීමා ඛාන් සමග කත්රිනා පෙනී හිටපු ජායාරූපයක් පසුගියදා අන්තර්ජාලයට එකතු වීමත් සමගම මේ දෙන්නා හොරෙන් විවාහ වෙලාද කියලා මාධ්‍ය කතාකරන්න වුනා.ඒ වගේම සල්මන්ගේ නැගනිය අර්ෆිතා ඛාන් සිය ටිව්ටර් ගිනුමේ අමුතු සටහනක් එකතු කරලා තිබුන එක ගැනත් බොහෝ දෙනෙක් කතා කලා. මේ දෙන්නා රහසේම විවාහ වෙලා කියලා තමයි දැන් හැමෝම හිතන්නේ.