GossipsHollywood & Bollywood
Trending

සල්මන්ගේ ලූලියාත් සිනමාවට.




රොමේනියානු ජාතික නිරූපිකාවක් සහ රූපවාහිනී නිවේදිකාවක් වන ලූලියා වැන්චූර් සිනමාවට පිවිසෙන්නේ ගීත ගායනයෙන් සහ ගීතමය දර්ශන වලට පෙනී සිටීමෙන්.

ඇයව පළමු වතාවට ‘රාධා ක්යෝන් ගෝරි මෑ ක්යෝන් කාලා’ නමැති චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගන්නවා.

චිත්‍රපටයට කැමැත්ත දෙන්න කලින් ලූලියා මෙහි පිටපත සල්මන් අතට පත් කරනවා.

” අවුරුදු 30ක් සිනමාවේ ඉන්න සල්මන්ට තරම් හොඳට තිර පිටපතක් කියවලා අදහස් දක්වන්න පුළුවන් කෙනෙක් තවත් ඉන්නවද?”

ලූලියා ඒ ගැන කියන්නේ එහෙම. කොහොම වුණත් ලූලියාට අවශ්‍ය වුණේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන්න පුළුවන් චරිතයක් කරන්නලු. සල්මන්ගේ අනුමැතිය ලැබුණට පස්සේ ලූලියා ෆිල්ම් එකට කැමැත්ත දෙනවා.

දූෂණයට ලක් වූ තරුණියක් ධෛර්යයෙන් යුතුව ජීවිතයට මුහුණදෙන ආකාරය මෙම සිනමා කෘතියෙන් නිරූපණය වෙනවා. සල්මන් තමයි ලූලියාට මේ චරිතය කරන්න අවශ්‍ය ධෛර්ය දෙන්නේ.

ලූලියා නීති අංශයෙන් ඉදිරියට යනවා දකින්න ඇගේ දෙමාපියන් කැමති වුණත් ඇය ඒකට කැමති වුණේ නැහැ. ලූලියාට සල්මන්ව මුණගැහිලා තියෙන්නේ බොඩිගාර්ඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරන අතරේදී. ඒ වෙලාවේ ලූලියාට සල්මන්ව හඳුන්වා දීලා තියෙන්නේ කවුද දන්නවාද? ඒ වෙද්දී ලූලියාගේ පෙම්වතා තමයි මේ මුණගැස්වීම කරන්නේ. කොහොම හරි අන්තිමේදී ලූලියා පෙම්වතාගෙන් වෙන් වෙලා සල්මන් එක්ක හාද වෙනවා. හැබැයි තවමත් මේ දෙන්නම තමන් පෙම්වතු බව හෙළි කරන්නේ නැහැ.

Tags
Show More
Close