Daily News
Trending

සරාගී නිළි අරුණි රාජපක්ෂ කාලෙකට පස්සේ කියපු කතාව

Aruni Rajapakse




Aruni Rajapakse Exclusive from Starfriends.lk

අරුණි රාජපක්ෂ කියන්නේ අපේ රටේ බිහිවුණ ඉතාම ආකර්ශනීය රංඟන ශිල්පිනියක්. ඇය හොඳ හයිට් එකක් තියෙන නමබර් වන් නිරූපිකාවක්ද වුණා. ඇය සිනමා නිළියක ලෙසත් විශාල ආකර්ශනයක් දිනා සිටියා. ඇය රඟපෑ පත්තිනි සිනමා කෘතිය තිරගත වන්නත් කලින් අරුණි විදෙස්ගත වන තීරණය ගන්නවා. ඒ ඇයගේ විවාහයත් සමඟ.

පසුගිය 2015 වසරේදී ස්වාමිපුරුෂයා සමඟ එංගලන්තයේ පදිංචියට ගියපු අරුණි යළිත් ලංකාවට පැමිණ තියෙනවා. ඒ තනියම නෙමෙයි පුංචි සුරංගනාවියන් දෙදෙනකු ද එක්ක. අරුණි, නිවුන් දියණියන් දෙදෙනකුගේ ආදරණීය මවක්. දැන් දියණිවරුන්ට වයස මාස හතරක්.

අරුණි ලංකාව හැර යන්නේ ඇයගේ රංඟන දිවියේ ඉහළ ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටින වෙලාවක. නමුත් ඇයට ඒ පිළිබඳව කිසිම දුකක් නැහැ. මොකද ඇය විවාහ දිවියේ උපරිම ආස්වාදය අත්විඳින නිසා. අරුණි ආසාවෙන් හිටියේ හොඳ ගෘහණියක් වෙන්නලු. කොහොම වුණත් ඉපදුණ රට අමතක කරන්න බැරි නිසා අරුණි ඔහුගේ ස්වාමිපුරුෂයා සහ දරුවන් දෙදෙනා සමඟ නැවතත් ලංකාවට එනවා.

අවස්ථාවක් ලැබුණොත් කලා නිර්මාණයකට දායක වෙන්නත් අරුණිගේ හිතේ කැමැත්තක් තියෙනවා. දැන් ඇයගේ බබාලා දෙන්නාට වයස මාස හතරක්. ඉතින් සතුටින් ගතවන අරුණිගේ කැදැල්ල තව තවත් ආදරයෙන් පිරෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

Aruni Rajapakse Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close