කැරලි කැරලි ගැහිච්ච කොන්ඩෙකුයි හැඩම හැඩ ඇඟකුයි තියෙන ලස්සනම ලස්සන කෙල්ලක් සරාගී ඇඳුම් ඇඳගෙන ස්කූටියකින් යද්දි ඔයාලාට මුණගැහුනොත් පුදුම වෙන්න එපා.
ඒ අපේ රටේ මෑත කාලයකදි ජනප්‍රිය වුණ ඉතා සුන්දර රංඟන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිරූපිකාවක්. සඳනි මේ විදියට සරාගී ඇඳුම් ඇඳගෙන ස්කූටියෙන් කොහෙද යන්නෙ.
ඉන්න… අපි මේ කියන්න යන්නෙ ඒ කතාව.
සඳනි ප්‍රනාන්දු කියන්නෙ දැනට ලංකාවේ සිටින ඉතාමත්ම ජනප්‍රිය නිරූපිකාවක්. ඉතිං සඳනිට Colonial Motors ගෙනෙන Vespa ඉතාලි ස්කූටරය සඳහා පෙනී සිටීමට ආරාධනා ලැබෙනවා. ඒ නිසා තමයි සඳනි මේ අමුතු ඇඳුම් ඇඳගෙන බයිසිකල් පදින්නෙ. කොහොම වුණත් මේ ඡායාරූප නිසා සඳනිගේ සුන්දරත්වය තව තවත් කැපී පෙනුනා කියලා තමයි බොහෝ දෙනා කියන්නෙ