
ජීවිතය කියන්නේ තණ අග පිළි බින්දුවක් වගේ අවිනිශ්චිත දෙයක්. මරණය අපිව හොයාගෙන කොයි මොහොතේ ඒවිද කියන්න කාටවත්ම බැහැ. මේ ඇත්ත තේරුම් ගන්න තරමට අපි දියුණු වෙලා නැහැ. මේ නිසා මරණය ළඟදි තවමත් අපිව සැලෙනවා.
අපිට හිටපු ඉතාම දක්කෂ රංඟන ශිල්පියකු මෙන්ම නිර්මාණකරුවෙක් හදිසියේම අවසන් ගමන් යනවා. මේ පුවත ඇසූ පමණින් දුක නොවුන කෙනෙක් තැතිව ඇති. මෙලෙස හදිසියේම ජීවන ගමන නිමා කරන්නේ සරත් නාමල්ගම කියන සුන්දර මිනිසා. ඔහු ගේ වියෝඩ තවමත් අදහා ගන්න බැරි තරම් පුදුමයක්. නමුත් මරණය කියන්නේ ඒ තරම්ම නපුරු දෙයක්. කොයි වෙලාවේ අපිව හොයාගෙන ආවත් අපි හැමෝටම මරණය වැළඳගන්න සූදානමින් ඉන්න වෙනවා.
චිත්‍රපට නිර්මාණකරවෙකු හා නළුවෙකුවූ සරත් නාමල්ගම මහතා හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් කලුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය පුවත විදුලි වේගයෙන් පැතිරිලා ගියා.
මියයන විට 59 වන වියේ පසුවූ සරත් නාමල්ගම මහත්මයා දොරකඩ මාරාව(1998), කලු සුදුමල් (2002) ඇතුළු චිත්‍රපට කිහිපයකටම සිය අද්විතීය රංඟනය එකතු කළා. ඒ වගේම ඔහු රෝස පැටික්කී (2002) ඇතුළු චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනයටද දායක වී තිබෙනවා. ඒ වගේම එතුමන් ටෙලිනාට්‍ය ගණනාවකට ද සම්බන්ධ වී තිබෙනවා.
ඔහු නිර්මාණය කළ සුසන්තිකා ජයසිංහගේ ජීවිත කතාව ඇතුළත් ‘සුසී’ චිත්‍රපටය නීතිමය ගැටලු නිසා තිරගත වුණේ නැහැ.
පසුගිය කාලයේ එතුමන් ‘හීල් ඇන්ඩ් ෆීල්’ නමැති සුබසාධන වැඩසටහනට දායක වෙමින් වැඩිහිටි නිවාස වල කල්ගෙවන වැඩිහිටියන් සතුටු කිරීමේ සමාජ සේවා කටයුත්තට දායක වෙමින් සිටි බව දැනගන්න ලැබෙනවා. සරත් නාමල්ගම මහතා කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ද වනවා.
හදිසියේම ඉක්මන් ගමනක් ගියපු සරත් නාමල්ගම ආදරණීය සහෘදයාට සුබගමන්.