Daily News
Trending

සමාජ ජාල ගිනිතියපු හසිනි බැඳීම් අලුත් කරගත්ත හැටි.Exclusive Photos

Hasini Samuel and Vishwa Perera Engagement




Hasini Samuel and Vishwa Perera Engagement Exclusive from Starfiends.lk

හසිනි සැමුවෙල් කියන්නේ සමාජජාල මාධ්‍යයේ පට්ට ෆේමස් කැරැක්ටර් එකක්. ඒකට හේතු වුණේ හසිනිගේ උපන්දින සාදයක්. හසිනි ජයටම පාටියක් දාලා උපන්දිනේ සමරපු පොටෝස් උණු කැවුම් වගේ අන්තර්ජාලයේ එහෙට මෙහෙට හුවමාරු වුණා.

Hasini Samuel

හසිනිගේ උපන්දිනය මේ තරම් විශේෂ වුණේ එදා හසිනියි එයාගේ යාළුවොයි ඇඳගෙන හිටපු විලාසිතා නිසයි. හසිනිගේ සරාගී ඇඳුමට ඉහළ ආකර්ශනයක් වගේම විවේචන වරුසාවකුත් වැටුණා.

රටට ලෝකෙට කියලා ජයටම උපන්දින සාද ගත්ත හසිනි, විවාහ මංගල්‍යය නම් හොරාටම අරගන්නවා (Hasini Samuel and Vishwa Perera Engagement). නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙමින් සිටින හසිනිගේ අත ගන්නේ එම ක්ෂේත්‍රයේම සහෝදර ශිල්පියකු වූ විශ්ව පෙරේරා. කොළඹ ශ්‍රැංගීලා හෝටලයේදී තමයි මේ සුන්දර විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වෙන්නේ.

හසිනි කියන්නේ, කියන්න තියෙන දේ කෙලින් කියන බය නැති කෙල්ලක්. එකපාරක් හසිනි සම්බන්ධයෙන් කවුරුහරි පතුරවපු කතාවකට හසිනි සැරට උත්තර දෙනවා. නිකන් නෙමෙයි ෆේස්බුක් එකෙන්. කෙටියෙන්ම කියනවා නම් ඇය කියලා තිබුණේ බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ කියලා.

කොහොම හරි හසිනි කටකතා හමුදාවට උත්තර දුන්නේ ලංකාවේ නම්බර් වන් හොටෙල් එකක පට්ට වෙඩිමකුත් අරගෙන. අපිත් මේ නව යුවලගේ අලුත් ජීවිතයට සුභාශිංසන එකතු කරනවා.

Hasini Samuel,Hasini Samuel and Vishwa Perera Engagement Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close