
Celebrity Challenges Exclusive from Starfriends.lk
කාලෙන් කාලෙට එක එක රැළි එනවා. රැල්ලට යන්නේ නෑ කියලා කොයි තරම් හිතුවත් වැල්ල හරි පාගලා බලන්න හුඟක් අයට ආස හිතෙනවා. ෆේස්බුක් චැලේන්ජ් කියන්නේ එහෙම රැල්ලකට. ඒ රැල්ල නිර්මාණය කරන්න වැඩිපුරම දායකත්වය දෙන්නේ සෙලිබ්‍රිටීස්ලා. ජනප්‍රිය කෙනෙක් මොනවා හරි කළොත් ඒ උන්මාදය රසික රසිකාවන්ටත් බෝවෙනවා.
මේ විධියට සමාජ ජාල මාධ්‍යයේ පැනනැඟුන විවිධ රැළි අතර අලුත්ම රැල්ල තමයි 10 year challenge එක. එතැනදි කරන්න ඕනේ මීට අවුරුදු දහයකට පෙර තමන්ගේ ඡායාරූපයක් සහ වර්තමාන ඡායාරූපයක් එකට පළ කිරීම. එසේ පළකරන ගමන් තමා කැමති අයට මේ චැලෙන්ජ් එක භාර දෙන්නත් පුළුවන්.
10 year challenge එක භාරගත්ත අය අතර බොලිවුඩ් නළු නිළියන් වගේම අපේ රටේ ජනප්‍රිය චරිතත් හිටියා. ඒ අතර ප්‍රියසාද් දියණිවරු තුන්දෙනාම සිටි බව කියන්න ඕනේ. රයිනි චාරුකා, නාමල් රාජපක්ෂ, ශෂිනි සිරිවර්ධන, උදාරි කෞෂල්‍යා, ඇතුළු බොහෝ පිරිසක් මේ චැලේන්ජ් එක භාරගෙන තිබුණා. ජැකොලි ෆර්ඩිනෑන්ඩ්ස් ද ඡායාරූප දෙකක් පළ කරමින් චැලේන්ජ් එකට ප්‍රතිචාර දක්වා තිබෙනු දක්නට ලැබුණා.
මෙහි ඇති වඩාත් විනෝදජනකම තත්ත්වය වුණේ අවුරුදු දහයකට පෙර අපගේ ස්වරූපයේ වෙනස් වීම සංසන්දනය කරන්නට හැකි වීම.
ඕනම දෙයක් ලැව් ගින්නක් වගේ පතුරවන්න සමාජ ජාල මාධ්‍යයට හැකියාව තියෙනවා. මේ වගේ කාටවත් හානියක් නැති දේවල් නම් එහෙම පැතිරුණා කියලා වරදකුත් නැහැ. හැබැයි හානිකර ප්‍රවණතාවන්ට ද සමාජජාල මාධ්‍ය උල්පන්දන් දෙන බව රැල්ලට යන හැමෝම සිහි කල්පනාවට ගන්න ඕනේ.
Celebrity Challenges Exclusive from Starfriends.lk