Daily News
Trending

සම්මානේ ගත්ත දස්සා හොඳම නළුවා ගැන කියපු කතාව




පසුගිය දවසක ඉතා උත්කර්ෂවත් අයුරින් නිමාව දුටු ‘හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝර්ඩ්ස්’ රාත්‍රියේදී ඉතාම සංවේදී යමක් සිදු වුණා. මේ සම්මාන උලළේදී වැඩිම අවදානය දිනාගත් සම්මා‍න අතර හොඳම නළුවා සම්මානය ඉදිරියෙන්ම සිටියා. අවස්ථා කිහිපයකදීම සම්මානයට පාත්‍රව සිටි දසුන් පතිරණ හිරු සම්මාන රාත්‍රියේදී යළිත් වතාවක් හොඳම නළුවා ලෙස සම්මානයට ලක්වෙනවා.

මේ අසිරිමත් අවස්ථාවේදී දසුන් තමන්ට ලැබුණ වටිනාකම, තමා සමඟ හොඳම නළුවා සම්මානයට නිර්දේශ වී සිටි සහෝදර රංඟන ශිල්පියාට පිරිනමනවා.

කවුරුත් ලොකු අයියා ලෙස හඳුන්වන මහේන්ද්‍ර පෙරේරා ළඟ දණ ගසා දසුන් තමන්ට ලැබුණ සම්මානය වේදිකාව මත දීම මහේන්ද්‍ර අතට පත් කරනවා. ඒ මෙන්න මෙහෙම ප්‍රකාශ කරන ගමන්,

“මහේන්ද්‍ර අයියා.. ජැක්සන් අයියා.. සෞමය අයියා.. ඔයගොල්ලෝ එක්ක නිර්දේශ වෙන එකම මට ඇති.. එත් මගේ ලොකේ හොඳම නළුවා මහේන්ද්‍ර පෙරේරා”

සුපිරි බොලිවුඩ් නළු නිළියන් පිරිවරාගෙන පැවැති මෙම සම්මාන රාත්‍රියේදී දසුන්ගේ ක්‍රියාව හැමෝගෙම ඇස්වලට සතුටු කඳුලක් එකතු කළා.

ඒ නිහතමානීකම දසුන්ව තව බොහෝ දුර රැගෙන යාවි.

දස්සා.., ඔයාගෙ රංඟන දිවියට ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් අපිත් සුබපැතුම් එකතු කරනවා.

Tags
Show More
Close