
මේ දවස්වල සමනලීට හරි ප්‍රශ්න. දැවෙන විහඟුන් සම්බන්ධයෙන් ලැබෙන මිශ්‍ර ප්‍රතිචාර එක්ක ගැටෙනවා මදිවට සමනලීට බඩු අදින්නත් සිද්ධවෙලා. ඒ සමනලියි ඉන්ද්‍රචාපයි ඉස්සෙල්ලාම නතරවෙලා හිටපු ගෙදර. ඒත් ඒ ගෙදරින් දැන් යන්න වෙනවා. ඒ නිසා සමනලී මේ දවස්වල බඩු පැක් කරනවා. ගෙදරින් යන්නම වැඩ සිද්ධ වුණාට සමනලී තාමත් කැමැති ඒ ගෙදරට. ඒත් මේ තීරණය ගන්නම ඕනෙ අවස්ථා දෙකකදි සමනලීලා නිහඬ වෙනවා. ආයෙ තුන්වැනි අවස්ථාවෙත් එහෙම වෙන්න බැහැනෙ. සමනලීලට ගෙවල් අතඇරලා යන්න සිද්ධවෙන්නෙ සොර සතුරු කරදර නිසයි. දෙවතාවක්ම හොරු ආවත් දාලා ගියපු නැති ගෙදර දැන් දාලා යන්නම වෙලා. මේ සමනලීලගේ ගෙට හොරු පැන්න තුන්වැනි අවස්ථාව. තවත් නම් ඉවසගෙන ඉන්න බැහැනෙ. ජීවිතය ගැනත් ප්‍රශ්න මතුවෙන්න ඉඩ තියෙන නිසා අවසානයේ සමනලී ගේ අතඇරලා දාන්න තීරණය කරනව.