
සනුක වික්රමසිංහ තමයි මෑතකාලයේ බිහිවුණ සාර්ථකම යොවුන් ගායකයා. මෙහෙම කියන්නෙ ඔහු ආපු දුර සහ කරපු වැඩ ගැන සිහිපත් කරනගමන්. සනුකගෙ ධනාත්මකව හිතන්න පොළඹවන ගීතයක් මේ දිනවල ජනතාව අතරට ගිහිං තියෙන බව අපි දැක්කා. ඉස්සෙල්ල අපි ඒ ගීතයේ වචන කිහිපයක් ඔයාලටත් කියවන්න ඉදිරිපත් කරනවා. ” දිරියෙන් කඳුලැලි සඟවා ගිරිහෙල් නොතකා සාගර කළඹා බාධක හමුවේ අරමුණ සොයමින් එක්ව එකාමෙන් පියඹා යන්නේ ” මෙන්න මේ විදියට බාධක මැඩගෙන ගිරිහෙල් මැදින්, උස් කඳු තරණය කරමින් අපි අපේ ගෝල් එකට යන විදිය සනුක හරිම ලස්සනට ගීතයෙන් පෙන්වා දෙනවා. මේ තමයි අලුත්ම චිත්රපටය වන “ගෝල්” හි තේමා ගීතය. Football මැච් එකකට යන ගමේ ළමයි කණ්ඩායමක් ගැන තමයි චිත්රපටයෙන් කියවෙන්නෙ. මේ ළමයින්ට අරුම පුදුම කෝච් සර් කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජයලත් මනෝරත්න සනුක ගායනා කරන ගීතය ලියන්නෙ රොහාන් පෙරේරා. සංගීතය සුරේෂ් මාලියැද්දගෙ.