GossipsHollywood & Bollywood
Trending

සනීලියෝන් තමන්ගේ ජීවිත කතාව නරඹා කඳුළු සළයි.Hot Photos




නිල් චිත්‍රපට නිළියක්සේ ක්ෂේත්‍රයට පිවිසි සනී ලියෝන් ඊට පසු සාමාන්‍ය නිළියක් බවට පත් වනවා. මේ වනවිට ඇය සාර්ථක පවුල් ජීවිතයක් ද ගත කරනවා. සනී ලියෝන් සමඟ ෆිල්ම් ෆෙයාර් කළ සංවාදයක සංක්ෂිප්තය අපි ඔයාලට ඉදිරිපත් කරන්න හිතුවා.

ඔබේ ජීවිත කතාව අති සාර්ථකව විකාශය වුණා. මොකද ඒ ගැන හිතෙන්නේ?

නිෂ්පාදක කණ්ඩායම මගේ දුරකථනයට පූර්ව ප්‍රචාරක පටය එවද්දී මම හිටියේ හස්බන්ඩ් එක්ක රාත්‍රී කෑමට එලියට යනගමන්. ඒ වෙලාවේ මම ඒක දැකලා ගොඩක් ඇඬුවා

අතීතය ස්මරණය වේදනාවක්ද?

අතීතය සුන්දරයි නම් වේදනාවක් නැහැ. ඒත් මගේ අතීතය ඊට වඩා වෙනස්. සමහර තුවාල සුව වුණාට පසුව යලිත් සිහිපත් කිරීම වේදනාවක්. එහෙම දේවල් මතක් කරන්න මාත් කැමැති නැහැ. අපි කවුරුවත් කැමති නැහැ. මගේ ජීවිතේ සමහර තුවාල තවමත් සුවවෙලා නැහැ. අදටත් මගේ දෙමාපියන් මා ළඟ නැහැ. ඒ නිසා අතීතය කියන්නේ මට සතුටු වෙන්න පුළුවන් තැනක් නෙමෙයි.

ඔබ රඟපෑ චිත්‍රපට ගැන කිව්වොත්?

කතාව හොඳයි නම් මම භාරගන්නවා. මම රඟපෑ සමහර අසාර්ථක නිර්මාණ දැක්කම මටම ලැජ්ජයි. ඒ කාලෙ මාත් මෝඩයිනේ. දැන් නම් මම හොඳට කාලය අරගෙන හොඳම දේවල් විතරයි භාර ගන්නේ.

මාධ්‍ය බලපෑම ගැන මොකද කියන්නේ?

නූගත් අයගේ සමහර හැසිරීම් දැකලා මම පුදුම වෙනවා. මගේ ජීවිතය ගැන නොදන්න අය මට චරිතසහතික දෙන්න උත්සාහ ගන්නවා . මම ගොසිප් කියවන්නේ නෑ. අන්තර්ජාල, මැගසින් වගේ දේවල් මම මඟහරිනවා. ඒත් පවුලේ කෙනෙක් ඇවිත් ගොසිප් එකක් කිව්වොත් මඟහැර යන්න බැරිවෙනවා. ඒ වගේම සමහර පුහු වාචික තර්ජනවලටත් මුහුණදීලා තියෙනවා.

ඔබ අරන් හදාගන්න දියණියකට මව් සෙනෙහස දෙනවා නේද?

ඩැනියෙල් සහ මම සෙන්ට් කැතරින් අනාථ නිවාසයට කාලයක සිට ආධාර ලබා දෙනවා. මම හරිම ආසාවෙන් හිටියේ දරුවෙක්ව අරගෙන හදාගන්න. ඒ අතරේ තමයි නිශාව මුණගැහෙන්නේ.

ඊට පස්සේ ඔබට නිවුන් දරුවන් ලැබෙනවා?

ඔව්. මට ලැබෙන්න ඉන්නේ නිවුන් දරුවන් කියලා මම දැනගන්නකොට තමයි නිශාගේ අයිතිය භාරගන්න වැඩ අවසන් කළේ. දැන් එයාලා හරිම එකමුතුයි. නිශා පොඩි දෙන්නට කතන්දර කියා දෙනවා.

සනී ලියෝන් ගැන අද හිතෙන්නේ මොනවද?

දැන් මම සම්පූර්ණයි. මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ස්වාමිපුරුෂයෙක් ඉන්නවා. අපිට විවාහයට කලින් ගොඩක් කල් ආදරය කරන්න බැරිවුණා. ඒත් දරුවන් නිසා ඒ ආදරය තවත් ශක්තිමත් වෙලා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close