Daily News
Trending

සන්ලයිට් කෙල්ල හොයාගන්න චිචී කාපු කට්ට

Rohitha Rajapaksa & Tatyana




Rohitha Rajapaksa & Tatyana Exclusive from Starfriends.lk

චිචීගෙයි ටටියානාගෙයි (Rohitha & Tatyana) විවාහය ගැන අපේ කට්ටිය හරි හරියට කතා වුණා. ඇත්තටම ඒක කතා කරන්න වටින වෙඩින් එකක්. ගමේ මිනිස්සු එක්ක ගමේ විධියට සමරපු විවාහ මංඟල්‍යයක් නිසා හුඟක් අය ඒ ගැන කතා කළේ ප්‍රශංසනා මුඛයෙන්. විවාහ මංඟල්‍යය මධුවිතෙන් තොර වීම හැමෝගෙම පැහැදීමට හේතුවෙලා තිබුණා.

ඇත්තටම ‍රෝහිත හෙවත් චිචීට ටටියානා මුණගැහුණේ කොහොමද? ඒ හඳුනාගැනීම අවුරුදු 7ක් විතර පරණයි. දවසක් රෝහිත අහම්බෙන් වගේ සන්ලයිට් ඇඩ් එක දකිනවා. ඒ වෙලාවේ ඔහුගේ ඇස් නතර වන්නේ ඒකේ හිටපු ඉතාම සුන්දර යුවතිය ළඟ. ගැමි සුන්දරත්වය එක්ක දැකපු මේ ගෑනු ළමයා හොයාගෙන කතාබහ කරන්න රෝහිත අවුරුදු 03ක විතර කට්ටක් කෑවාලු. කොහොම හරි යාළුවෝ වගේ දැන හඳුනාගෙනත් ටික කාලයක් ගියාට පස්සෙ තමයි ඔවුන් පෙම්වතුන් බවට පත් වන්නේ.

රෝහිතගේ (Rohitha) හිත මුලින්ම ඈ කෙරෙහි බැඳුනේ පෙනුම නිසාලු. ටටියානා කියන්නේ කවුද කියලා හරියටම අඳුනගන්න ලැබුණාට පස්සේ රෝහිත වඩාත්ම කැමැති ඇගේ නිහතමානී ගුණයට. ආච්චි කෙනෙක් සීයා කෙනෙක් දැක්කත් හරිම ආදරෙන් හිනාවෙලා කතාබහ කරන පුරුද්ද ඇය තුළ තියෙනවාලු.

ඉතින් කොහොමින් කොහොම හරි මේ ආදර කතාව මල්ඵල ගන්නේ විවාහයෙන්. චිචී ටටියානා වෙනුවෙන් ගීතයකුත් නිර්මාණය කරනවා. ඒ ගීතය විවාහ මංඟල්‍යය අවස්ථාවේ ගායනා කරන්නත් ඔහු අමතක කරන්නේ නැහැ.

Rohitha Rajapaksa & Tatyana Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close