Daily NewsGossipsHollywood & Bollywood
Trending

සන්ජේදත් අජේදෙව්ගන් අලුත්ම ගේමක…




කව්රැ කොහොම කිව්වත් Old is Gold කියන්නෙම ඇත්තක්. බලන්නකො නිකමට කල්පනා කරලා ඕනම තැනක මෙහෙම සෙට් බැහැලා ගේමක් ගැහුවොත් ඉතින් ගැහුවම තමයි. Experience කියන්නෙ ඉතින් අන්න ඒ වගේ දේවල්වල්ට. ඒක මොන වැඩේට උනත් අදාල සීන් එකක්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට වැඩේ නතරවෙන්නෙ කේස් ගොඩක් එක්ක තමයි. මේ කතා මෙහෙම කියනකොට බොලිවුඩ් පැත්තෙ රවුම් ගහද්දි තමයි තේරෙන්න මේ දේවල් ඉන්දියාව කියලා නෑ, ඒවටත් එලෙසම තමයි කියලා. එහෙම වෙනකොට ඔන්න අලුතෙන් කතාවක්. පත්තුවෙලා තියෙනවා කලකට ඉස්සරවෙලා හිටිය hero ලා දෙන්නෙක්ගෙ ගේම් එකක් ගැන.

දන්නවා නේද සංජේ දත් කියන්නේ කවුද කියලා. ඒ ගැන ඉතිං වැඩි වැඩියෙන් කියන එකේ තේරුමක් නෑ. මොකද සංජ්දත් කියන්නේ බොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ අයිකන් එකක් වගේ. ඉන්ඩස්ට්‍රි එකේ විතරක්නෙවෙයි. ඉන්දියාවත් හොල්ලපු දැවැන්ත චරිතයක්. ඒ වගේම තමයි අජේ දෙව්ගන් කියන්නෙත්. අජේ දෙව්ගනුත් අනූව දශකයෙ ඉඳලා මෑතක් වෙනකන්ම බොලිවුඩ් සිනමාව ආක්‍රමණය කරපු චරිතයක්. ආක්‍රමණය කරපු කිරිල්ල අන්තිමට නතර වුනේ කාජල් වත් ගෙදර එක්කන් ගිහිල්ලා. කොහොමහරි ඔන්න දැන් සංජේදත් එක්ක අජේ දෙව්ගන් ගේමක් ගහලා තියෙනවා කාටත් නොදැනෙන්න. පාකිස්ථානයෙන් එන බෝම්බ වලට විරුද්ධව තමයි මේ දෙන්න වැඩේ පටන් අරන් තියෙන්නෙ. කාටන් හිතාගන්න බැරුව තියෙන්නේ මොකක්ද මේ දෙන්න කරන්න හදන්නෙ කියලා. ඔව් මේක තාමත් කාටත් ගැටලුවක් තමයි. කිහිප දෙනෙක් ඇරෙන්න කිසිම කෙනෙක් දන්නෙ නෑ මේක ඉවර වෙන්නෙ කොතනින්ද කියලා. මේක ඒ තරමට රහසිගත මෙහෙයුමක් වෙලා තියෙන්නෙ. සංජේ දත් අවුරුදු හතකට පස්සේ තමයි මෙහෙම අජේ එක්ක එකතු වෙලා වැඩකට සෙට් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ වැඩේ වෙනම කේස් එක්ක පත්තු වෙන දෙයක්. මේ දෙන්නට පස්සේ තවත් කීප දෙනෙක්ම ඉන්නවා මේ වැඩේ ගැන හොයල බලන්න. මොකද මේක ලොකු ගේම් එකක්නෙ
ඔන්න ඉතින් මුලින්ම වැඩේට අතගැහුවේ පහුගිය ජුනි 25 වැනිදා.එදා තමයි ෂූටිං කරන්න පටන් ගත්තෙ. ෂූටිං කිව්වම බැලුවා නේද මොකක්ද මේ කතාව කියලා. ඔව් ඉතින් ඒක කතාවක්ම තමයි. කතාවක් කිව්වට එ්ක ෆිල්ම් එකක්. ඒ Bhuj: The Pride of India ෆිල්ම් එකේදි.. ෂූට් එක පටන් අරන් තියෙන ramoji film city එකට සන්ජේ දත්ගෙ ෂූට් එකෙන් දවස් කීපයකට පස්සෙ සෝනක්ෂි සිංහාත් ඇවිත් තියෙනවා. මේ ෆිල්ම් එකේ සන්ජේට කරන්න ලැබිලා තියෙන්නෙ ගම්වැසියෙක්ගෙ චරිතයක්. රන්චෝර්දාස් කියන සිවිල් වැසියෙක් විදියට තමයි act කරන්නෙ. අජේගේ character එක විදියට හඳුන්වලා තියෙන්නේ ගුවන් හමුදාවක බලඝණ නායකයෙක් විදියට සේවය කරන එක. කොහොම හරි මේ දෙන්නම එකතු වෙලා ගමේ කට්ටියත් එක්ක ගුවන් හමුදාවට ගුවන් පථයක් නිර්මාණය කරනවා. ඉතින් ඒකේ වෙච්ච ඉතුරු ටික නං අපිට බලාගන්න වෙන්නේ ෆිල්ම් එක රිලීස් වුණාට පස්සේ තමයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close