
Rithu Akarsha Life Updates Exclusive from Starfiends.lk
එක දිගට ටෙලි නාට්‍ය ගණනාවක රඟපාපු රිතූ රියැලිටි තරඟාවලියකටත් සාර්ථකව සහභාගී වුණා. ඒත් ඊට පසසේ ඉඳලා රිතූ පේන්න හිටියේ නෑ. ඒ ගැන හොයලා බැලුවාමයි දැනගත්තේ, මේ දවස්වල රිතූ ටිකක් විවේක ගන්න හිතුවාලු. ඒ විවේකයට විරාමයක් තියලා ඉදිරියේ දී ටෙලිනාට්‍ය දෙකක රූගතකිරීම් පටන්ගන්නා බවත් ඇය කියනවා. ටික දවසක් විවේකයෙන් හිටියා කියලා රිතූව ඔයාලට මඟහැරෙන්නේ නැහැ. මොකද එයා රඟපාපු නිර්මාණ තුනක් තවම විකාශනය වෙලත් නැහැ.
කාලයක් එක දිගට රසික ජනතාව අතරට ආපු නිසා තමයි රිතූ මේ විදියට විවේක ගන්න අදහස් කරලා තියෙන්නේ. නිතර දකිනකොට මිනිස්සුන්ට එපා වෙනවා කියලානේ රිතූ හිතන්නේ. ටික දවසක් නිහඬව ඉඳලා හොඳ වැඩකින් එළියට ඇවිත් වැඩ පෙන්නන්න තමයි රිතූගේ අදහස.
එක දිගට රංඟන කාර්යයේ යෙදුනත් රිතූ තවම සිනමා රංඟනයට නම් පිවිසිලා නැහැ. ඒ ආරාධනා නොලැබෙන නිසා නම් නෙමෙයි. රිතූගේ හිතට වැදුණ script එකක් තවම ලැබුණේ නැහැලු. ඒ වගේම තවම රිතූ සිනමා නිර්මාණයකට සහභාගී වෙලා නැති නිසා පළවෙනි වැඩේම fail කරගන්නත් කැමැති නැහැලු. ඒ නිසා සිනමාවට අවතීර්ණ වෙන්නේ හොඳට හොයලා බලලා කියලයි ඇය කියන්නේ.
field එකේ සෑහෙන තරගයක් තියෙනවා කිව්වාට රිතූට නම් ඔ්නතරම් වැඩ තියෙනවාලු. කොයිතරම් වැඩ තිබුණත් තේරුමක් එක හොඳ වැඩක් තිබුණම හොඳටම ප්‍රමාණවත් කියලත් ඇය හිතනවා.
තවමත් රිතූ වෘත්තීය ජීවිතයේ තීරණ ගන්නේ එයාගේ තාත්තා එක්ක කතාබහ කරලා. රිතූගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. තාත්තා කොයිතරම් රැකවරණය දුන්නාත් නිළියක්ව ගොසිප්වලින් බේරගන්න නම් කාටවත්ම බැහැ. රිතූටත් car accident ඒක වෙලාවේ ඒ වගේ කටකතා හැදුණා. සමහරු කටකතා හැදෙනවාට කැමතියි. ඒතකොට නිකම්ම ජනප්‍රිය වෙන නිසා. හැබැයි රිතූ ඒ system ඒකට ජනප්‍රිය වෙන්න කැමැති නැහැ. නළු නිළියන් ගොඩක් මහන්සිවෙලා ගොඩනගාගන්න නම ගොසිප් කාරයෝ එක තත්ත්පරයකින් නැති කරනවා. ඒ නිසා රිතූ දැන් කතා කරද්දි විතරක් නෙමෙයි අඳින පළඳිනකොටත් හරිම පරිස්සම්.
රිතූ ගොසිප් හදන අයට නම් ඉතාම බරපතල ලෙස චෝදනාවක් කරනවා. ඔවුන් photo shoot එකක් කරපු ගමන් ජනප්‍රිය නිළිය, ජනප්‍රිය නිරූපිකාව කියලා හඳුන්වා දෙන පිරිස් නිසා රිතූ ලා කාලයක් තිස්සේ මහන්සි වෙලා ගොඩනගා ගත්ත දේවල් පහතට වැටෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ අය නිසා ඉස්සරහට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ ළමයෙක්ව මේ ෆීල්ඩ් එකට එවන්නේ නම් නැතිවෙයි ලු.
මේ විදියට කෙලින් කතා කරන රිතූ දැන් නම් පෙම්වතියක්. පෙම්වතා කවුද කියලා වැඩි විස්තර කියන්න ඇය කැමති නැහැ. ඒත් රිතූව ඉතාම හොඳින් තේරුම් ගත්ත කෙනෙක් බව නම් ඇය කියනවා. බොහෝ විට අලුත් ඉක්මනින්ම රිතූගේ ජීවිතයේ වෙනසක් වෙන්නත් ඉඩ තියෙනවා. අපි ඒ හැම දෙයකටම ඇයට සුබ පතනවා.
Rithu Akarsha Life Updates Exclusive from Starfiends.lk