Daily News
Trending

සත පහකටවත් gossip ගණන් ගන්නේ නැ – විනූ උදානි සිරිවර්ධන




ඒක නෙවෙයි මේ… දන්නවද අරයාව?.. ඔව්..ඔව් අපෝ එයා ගැන දන්නෙ නැත්තෙ කව්ද… කියලා, නොදන්න අය ගැනත් සමහරු දන්නවා වගේ රඟපානවා. සමහරු ගැන එහෙම කිව්වට ඇත්තටම ඒ අය ගැන කවුරුත් දන්නෙවත් නෑ. ඒ අය කිව්වේ වෙනඅය.. ඒත් ඉතිං විනූ සිරිවර්ධන ගැන නම් එහෙම කියන්න ඕන නෑ. නම කිව්වම කවුරුවත් නොදැන ඉන්න හේතුවකුත් නෑ. මොකද විනූ මේ වෙනකොට ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගත්ත ටෙලි වලට සෙට් වෙලා හිටපු හින්දා. ඔයගොල්ලන්ට මතක ඇති නේ වෙස්. අන්න ඒකෙ සංජානගෙ නංගි භාග්‍යා විදියට ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගන්න එයාට පුළුවන් වුණා. ඒක කොහොමද කියනවා නම් වෙස් ටෙලිය, වෙස් 2 විදියටත් ඉස්සරහට ගියා. ඒත් ටෙලියට වහ වැටුණු අය තුන්වෙනි කොටසත් ඉල්ලනවා කියලා තමයි විනූ නම් කියන්නේ. ඊට පස්සේ විනූ සුසුමක ඉම ටෙලියටත් සිද්ධාර්ථ ගෞතම ටෙලියටත් සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ Tele Dramaනේ. ඉතින් ඊට පස්සේ විනූට සෙට් වෙන්න පුළුවන්කමක් ලැබුණේ අලුත්ම ෆිල්ම් එකකට. ඒක තමයි මේ දවස් වල රිලීස් වෙලා තියෙන ගෝරි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ගැන නම් විනූ කියන්නේ කිසිම කෙනෙක් ෆිල්ම් එකක් වත් කරන්න ඉදිරිපත් වෙන්නේ නැති මේ වගේ කාලෙක මේකත් අභියෝගයක් කියලයි.

මුල්ම කාලේනමි විනූ වැඩි වැඩියෙන් පෙනී ඉන්න පුරුදු වෙලා තිබ්බේ සින්දු වල විෂුවල් වලට. විනුත් ඒක පිළිගන්නවා. Teledrama කරාටත් වඩා එයා වැඩියෙන් කරලා තියෙන්නේ සිංදුවල විෂුවල්ලු. ඒත් ඉතින් දැන් නම් ඒවා අඩු කරලා තියෙන්නෙ එක හේතුවක් හින්දලු. මොකද ඉස්සර විෂුවල් වගේ නෙවෙයිලු සින්දු වලට දැන් කරන විෂුවල්. දැන් ගොඩක් ඒවාවල කෙරෙන්නේ තේරුමක් නැති දේවල්ලු. ඒ හින්දලු විනූ ඒක පාලනය කරලා තියෙන්නේ. කොහොම වුණත් එයා හැමතැනම කාට කාටත් හැදෙන ගොසිප් ගැන නම් කියලා තිබ්බා. විනූ ඒවා නම් කිසි දෙයකට ගණන් ගණන් ගන්නේ නෑලු. එයාගෙ ගෙදර අය විනූ ගැන හොඳට දන්නව නං ඉන් එහා දෙයක් ඕනේම නෑලු. මේ හින්දම ගොසිප් කියන දේවල් නම් කිසිම විදියකට ගණන් ගන්නෙවත් නෑලු. ඒත් ඉතිං අන්තිමට විනූ මෙන්න මෙහෙම නම් කියලා තියෙනවා. කිසිම වෙලාවක කවුරුවත් කාගෙවත් චරිතය ඝාතනය කරන්න එපාය කියලා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close