Daily News
Trending

සජිත් අනුත්තර ලොකේෂන් එකේදි කෙල්ලෙක් ඉස්සරහා දනගහලා.




දැන් මේ විවාහ යෝජනා කරනවා කියන එකත් එක්තරා විදියක විලාසිතාවක්. තමන් යාළුවෙලා ඉන්න ආදරවන්තියට විවාහ වෙන්න යෝජනා කරන එක තමයි මෙතනදි සිදුවෙන්නේ. ඒක කරන්නේ පෙම්වතිය පුදුමයට පත්වන ලෙස සැලසුම් කරලා අහඹු වෙලාවක. ඇන්තනී පවුලේ ළමයි තුන්දෙනාම එකම දවසේ විවාහ වෙන්න යනවා කියලා ප්‍රසිද්ද කරලා ඉවරයිනේ. මාධවීගේ පෙම්වතා මාධවීගේ උපන්දින සාදය වෙලාවේ මේ විදියට විවාහ යෝජනාව ගේනවා. ඒ Starfriends-Sajith Aමාධවී ඉස්සරහා දන ගහලා ඇයට මුදුවක් පළඳවමින්. සජිත් ඇන්තනී ඒ කියන්නේ ඇන්තනී පවුලේ බාලයා. මේ දවස්වල සජිත් කණාමැදිරියෝ රූගතකිරීම් එක්ක ඉන්නේ. ඉතිං සජිත් තමන්ගේ පෙම්වතියට propose කරන්න කාලෙක ඉඳලා හිතේ තියාගෙන ඉන්නවා. ඒකට ඔහු මුදුවකුත් මිලදී ගන්නවා. ඒත් ඒකට හොඳම වෙලාවක් සහ හොඳම තැනක් ලැබෙන කල් සජිත් ඉවසගෙන ඉන්නවා. මෙහෙම බලාගෙන ඉන්නකොට තමයි කණාමැදිරියෝ ශූටින් අතරේ සජිත්ට මේ සිතුවිල්ල පහළ වෙන්නෙ. ගලායන ගංගාවක් ළඟ… මද අඳුරේ  සජිත් පෙම්වතිය ඉස්සරහා දණ ගහනවා. දණ ගහලා තමන් එක්ක විවාහ වෙන්න එනවද කියන යෝජනාව ගේනවා. ඒ වෙලාවේ බුවී (සජිත් පෙම්වතියට කියන්නෙ එහෙමයි) සජිත්ගේ උරහිසෙන් අල්ලලා එයාව නැගිට්ටවනවා. ඊට පස්සේ දෙන්නා වැළඳගෙන ටික වෙලාවක් ඉන්නවා. කොහොම හරි බුවීගේ ඇස්වලට කඳුළුත් එනවා මේ අවස්ථාවට මුහුණ දෙනකොට. ඉතිං සජිත් මේ අවස්ථාව ප්ලෑන් කරගන්න උදව් වුණ කණාමැදිරියෝ කණ්ඩායමට ස්තූති කරනවා. ඇත්තටම ඒ පරිසරය සහ ඒ අවස්ථාව හරිම රොමෑන්ටික්. ඒ නිසා සජිත්ගේ විවාහ යෝජනාව ඉතාම රොමෑන්ටික් විදියට සිදු වුණා.

Tags
Show More
Close