
Sachini Ruwanthika Exclusive from Starfriends.lk
ඕනම Drama එකක් Hit වෙන්න කරුණු කාරණා කීපයක්ම බලපානවා. අන්න ඒ කියන කරුණු කාරණා හැම එකක්ම වගේ හුස්මක් තරමට Drama එකට බලපෑවා. එකක් තමයි අධ්‍යක්ෂණය හා තිර පිටපත. අනිත් වැදගත්ම දෙය casting. casting කොච්චර හොඳට කලත් වැඩක් නෑ ඉතින් ඒ තෝරා ගත්තු නළු නිළියන් හරියට වැඩේ කරන්නේ නැත්නම්. ඒ අයත් fail. Drama එකත් ෆේල්. මොනව උනත් Drama එක කොයි හැටි වුණත් ඒ හැම Drama එකෙන්ම මිනිස්සුන්ගේ හිතට වැදුණු නළුවෙක් නිළියෙක් ඉන්නවාම තමයි. ඒකෙ ආයි කතා දෙකක් නෑ. ඉතින් අපි මේ කතා කරන රවීන්ද්‍ර විජේරත්නගේ ‘හුස්මක් තරමට ‘ Drama එකෙත් අන්න ඒ වගේ කාගේ කාගෙත් හිත ඇද බැඳ ගත්ත චරිත සෙට් එකක්ම ඉන්නවා. එයින් එක චරිතයක් තමයි අසලි කියන්නේ. එයා අසලි උනාට අපි කතා කරන මෙයා නම් සචිනි, සචිනි රැවන්තිකා. හුස්මක් තරමට Drama එක පුරාම කියවෙන ආදර කතාවේ සම වයසේ පිරිසක් එක්කම වැඩ කරන්න ලැබිලා තියෙන හින්දා හිතේ කරදරයක් නැතිව රඟපානව කියලයි සචිනි නම් කියන්නේ. එහෙම හිතේ කරදරයක් නැතුව වැඩක් කරන්න තියෙන එකත් ඉතින් කොයි තරම් නම් දෙයක්ද නේද? ඒකට සචිනිට මුලින්ම පාර හැදිල තියෙන්නෙත් එයාගේ ගෙදර අය හින්දලු. ගෙදර අයගේ අකමැත්තක් නැතුවම නිදහස ලැබුනලු teledrama ෆීල්ඩ් එකට එන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා සචිනි commercial වල තමයි වැඩි හරියක් ඉඳලා තියෙන්නේ. හුස්මක් තරමට කියන්නේ සචිනිගේ ඉස්සෙල්ලාම Drama එක නම් නෙවෙයි. එයාගේ මුල්ම Drama එක සිවගුරැනාදන්ගේ ‘අඟරු සිත්තම්ලු’.
ඉතින් සචිනි කියන විදියට හැමතැනම වගේ තියෙන විදියට මේ ෆීල්ඩ් එකෙත් කැපිලි, කෙටිලි, කටකතා ඕන හැටියෙ තියෙන තැනක්ලු. හැදෙන ගොසිප් ගැන නම් එයා ඒ හැටි හිතන්නෙ නෑලු. අනිත් අය මොනව කිව්වත් ඒ කතා අහන්නෙ නැතුව තමන්ගෙ පාඩුවේ වැඩේ කරන් ඉන්න එක හොඳයි කියලයි සචිනි කියන්නේ.
හැබැයි ඉතින් ගොසිප් නිසාත් සමහරු තමන්ගේ ජනප්‍රියත්වය හදාගන්නව කියලත් අමතක කරන්න එපා. කොහොම වුණත් සචිනි මේ දවස්වල ටිකක් බිසීලු. ඒකට හේතුව ඉතින් අපි කියන්න ඕන නෑනේ. තව දේවල් කරන්න ආරාධනා ලැබුණත් ඉතින් ‘හුස්මක් තරමට’ Drama එක නිසා ඒ දේවල් බාරගන්න බෑ කියලා තමයි සචිනි කියන්නේ. හුස්මක් තරමට Drama එකේ අසලිගේ Boy friend විදියට ඉන්නේ ආලෝක. හැබැයි හොඳම කතාව ඒක නෙවෙයි. දෙන්න හුස්මක් තරමට ප්‍රේමවන්තයො වෙන්නත් ඉස්සෙල්ලා හොඳ යාලුවො. ඒ විතරක් නෙවෙයි ආලෝකගේ, ඒ කිව්වෙ ගයාන්ගේ මියුසික් වීඩියෝ එකටත් ඉඳලා තියෙන්නේ සචිනි. කොටින්ම කියනවා නම් Music field එකේ ඉන්න කාවින්ද්‍යා අධිකාරි , සජිත, සනුක, නදිමාල් කියන හැමෝම සචිනිගෙත් හොඳ යාලුවෝ.
කලාවේ ඉන්නෙ හැමෝම වගේ කොහොමහරි ජනප්‍රිය වෙන්න ඕන කියන තැනක තමයි ඉන්නේ. සමහරු ඒවට ක්‍රම සහ විධි යොදා ගන්නකොට තවත් අයට ඔටෝ ස්වීප් එක ඇදෙනවා. ජනප්‍රිය වෙනවද. ජනප්‍රිය වෙලා සම්මානයක් ගන්න අදහසක් නැද්ද කියන දේට සචිනිට තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්ලු. එයාට තියෙන්නේ වෙනම කකාවක්.පහුගිය දවසක එයා මෙන්න මෙහෙම කියල තියෙනවා. ඒක හැබැයි ඉතින් ෆීල්ඩ් එකට අලුතින් ඇවිල්ලා ජනප්‍රිය වෙන්න බලන් ඉන්න හැමෝටම කියපු කතාවක් වගේ. බලන්නකො සචිනි මොකද කියුවෙ කියලා.
” හම්බවෙන හැම එකක්ම කරන්න මට ඕන නෑ. කරන්න පුලුවන් හොඳ කතා නිර්මාණ නම් තෝරගන්නවා. ජනප්‍රිය වෙන්න ඕන කියලා අරමුණක් නම් මට නෑ. සම්මාන බලාගෙන මම වැඩ කරන්නෙත් නෑ. ගැලපෙන දේකට සාධාරණයක් කරන එක තමයි මගේ බලාපොරොත්තුව. ජනප්‍රිය වෙනවා කියන්නේ තරඟයකට. ඉතින් මම තරඟ කරන්න කැමති නෑ. මම කැමති වෙනස් වෙනස් චරිත කරන්න.”
ඉතින් ඔන්න ඔහොමයි සචිනි ඒ ගැන කියලා තියෙන්නේ. සචිනි කියන්නෙත් දැන් කව්රැ කව්රැ අතරත් ජනප්‍රිය චරිතයක්. ඉතින් එයාට දැන් නම් ආදරයක් නෑලු. ඒත් ඉස්සර හිටිය Boyfriend එහෙමත් දැන් නෑලු. හැබැයි විවාහ වෙනකම් field එකේම ඉන්නවා කියලා තමයි සචිනි කියන්නේ. ඒ සේරම හරි කියමුකෝ. ඒත් ඉතින් ජනප්‍රිය වෙන්නත් ඕන නෑ කියන්නේ ඉතින් ඒකත් වෙනම කතාවක්.
Sachini Ruwanthika Exclusive from Starfriends.lk