Daily News
Trending

සචිනිට කණ්නාඩි දාන පිරිමි එක්ක තියෙන අවුල මොකක්ද?




කණ්නාඩි දාපු මිනිස්සුන්ව ලොකුම ලොකු කලුපාට ඇස් තියෙන භයානක සත්තු ජාතියක් වගේ පේන අමුතු ලෙඩක් නිසා සචිනිගෙන් ගෙදර අයට සෑහෙන කරදර තිබිලා තියෙනවා. සචිනි කාලයක් තිස්සෙ හිතාගෙන ඉන්නෙ බිල්ලො කියන්නෙ කණ්නාඩි දාන ඇස් ලොකු සත්තු විශේෂයක් කියලා. ඉතිං ඒ නිසා කණ්නාඩි දාගත්ත මනුස්සයෙක් දැක්ක ගමන් සචිනිගෙ සරුවාංගයම බියෙන් සලිත වෙනවාලු. පොඩි කාලෙ ඕන තරම් නටලා සින්දු කියලා විනෝදයෙන් හිටියත් කණ්නාඩි දාපු කෙනෙක් හිටියොත් සචිනි ඒ පැත්තවත් නොබලා දුවනවාලු. මේ නිසා ගෙදර අය සචිනි එක්ක ගමන් බිමන් යද්දිත් හරි පරිස්සම් වෙනවා. මොකද පාර මැද්දෙ වුණත් එහෙම කෙනෙක් දැක්කොත් සචිනි කලබල වෙනවලු. පෙරපාසලේදිත් සචිනිට මේ කණ්නාඩි භීතිය ඇති වෙනවා. පෙරපාසලේ ටීචර්ගෙ මල්ලි දවසක් මෙයාලගෙ වැඩකට උදව්වෙන්න ඇවිත්. එයා කණ්නාඩි දානවලුනෙ. මේක දැකපු සචිනි ආයෙ පෙරපාසල් යන්න බෑ කියලා ගෙදර ගිහිං යුද ප්‍රකාශ කරලා. ඔහොම ටික කාලයක් යද්දි සචිනිගෙ කණ්නාඩි බිය ටිකෙන් ටික පහවෙලා ගිහිං තියෙනවා. දැන් නම් කණ්නාඩි දාගෙන නෙමෙයි වෙස්මූණු දාගෙන ආවත් සචිනි නෙමෙයි කොල්ලොන්ට බය.

Tags
Show More
Close