
මෙහෙම කියන්නේ සචිත්රගේ වයිෆ්, ඉරේෂා. ඉරේෂාට සචිත්ර මුණගැහෙනකොට ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්රිකට් ක්රීඩකයෙක් නෙමෙයි. ඒ දවස්වල බස් එකේ ගිහින් එස්.එස්.සී ක්ලබ් ප්ලේ කරපු කෙනෙක්. ඉරේෂාගේ පවුලේ අය, විශේෂයෙන්ම තාත්තා සචිත්රගේ සම්බන්ධයට හුඟක් කැමැති වෙනවා. ඒකට හේතුව ඔහුත් ක්රිකට් ලෝලියෙක් වීම.
ක්රිකට්වලට සූරයෙක් වුණ සචිත්ර ගෙදර දොර වැඩට නම් ටිකක් විතර හොරයිලු. මේ නිසා බල්බ් එකක් පිච්චුනත් ඒක දාගන්න තාත්තාට එන්න කියන්න වෙනවලු. හැබැයි සචිත්ර තාත්තා කෙනෙක් වුණාට පස්සේ ටික ටික ඔහු මේ දේවල්වලට පුරුදු වෙලා තියෙනවා.
ඉරේෂා කියන විදියට සචිත්රට ඉවුම් පිහුම් වැඩ නම් මොනවත්ම බෑලු. යාන්තමට පුළුවන් බිත්තරයක් තම්බ ගන්න විතරලු. පපඩම් බදින්න ගියත් ඒක කරවෙන්න නොදී බැදගන්න නම් ඉරේෂාත් ළඟින් ඉන්න ඕනෙලු.
සචිත්ර කියන්නේ ඉතාම ආදරණීය මෙන්ම කුළුපග කෙනෙක් කියලත් ඇය කියනවා. විවේකයක් ලැබුණම සින්දු කියන්න තමයිලු ඔහු වැඩිපුරම කැමැති.
කාර්යබහුල ක්රිකට් ජීවිතයට වගේම සචිත්රගේ සංගීත ගමනටත් ඔහුගේ බිරිය ඉරේෂා ගොඩක් උදව් කරන බවත් මේ වෙලාවෙ සිහිපත් කරන්න ඕනේ.