Daily News

සංගීත් ගමේ ගියාම Mobile එක ලෙඩ වෙනවලු… – සංගීත් ප්‍රභූ




සංගීත් ප්‍රභූ. එහෙම කිව්වම නිකං ඒක හරියට හින්දි නමක් වගේනේද?. නම නිකන් ප්‍රභූදේවා ලඟින් යන නිසා කාටත් එහෙම හිතෙන්න බැරි කමක් නෑ. ඒත් ඉතිං ප්‍රභූදේවා කියන්නේ හින්දි නමක්ද කියලා බලන්න ඕන කියලා හදිසියෙන්වත් මතක් වුනොත් ඒ ගැන අයිත් හිතන්න සිද්ධ වෙනවා. මේ දවස් වල නටන characters වලින් ටිකක් ඉස්සරහින් වගේ ඉන්න කෙනෙක් තමයි සංගීත් කියන්නේ. ඉස්සරහින්…ඒ කිව්වේ ඉතින් පිළිගැනීම. පිලිගැනීමටත් වඩා ඔතන වෙන්නේ වැඩි දෙනෙක්ගේ ඇහැ යන එකනෙ. එහෙම බැලුවා මෙහෙම කොල්ලෙක්ට ඇහැ යන්නෙ කෙල්ලෙක්ගෙ වෙන්න බැරි කමක් නෑ. ඒකත් හරි.. සංගීත් කියන විදියට නම් එයාට වැඩි හරියක් ප්‍රතිචාර තියෙන්නෙ ගෑනු ලමයින්ගෙන්ලු. හරි ඒ කතා එහෙමනෙ. ඉතින්. සංගීත් නම් කියන්නේ අද වෙනකොට සංගීත් නළුවෙක් වෙලා ඉන්නෙ එයා හින්ද නෙවෙයිලු, එයාට නළුවෙක් වුණා නම් එහෙම ඉන්නෙ තනිකරම අම්මාගේ තිබුණු තදබල හීනෙක ප්‍රතිඵලයක් විදිහට කියලා. ඒකලු සංගීත්ගෙ අම්මා සංගීත්ට ප්‍රභූ කියන කෑල්ලකුත් නමට දැම්මෙ. වැඩේ කියන්නේ ප්‍රභූ කියන්නේ අම්මා කැමතිම නළුවෙක්ගෙ නමේ කෑල්ලක්ලු. කොහොමහරි ඉතින් අම්මත් සංගීත්ගෙ නමටම ඒනමත් දැම්මා.

මේ දවස් වල සංගීත් වැඩියෙන්ම වගෙ පේන්න ඉන්නේ හුස්මක් තරමට ටෙලියේ. මොකද ඒකෙ සංගිත් ඉස්කෝලේ යන්න පටන් අරගෙන තියෙන නිසා. ඊට හාත්පසින්ම වෙනත් චරිතයක් තමයි සංගීත් සක්කාරං ටෙලියෙ කරන්නේ. කොහොම හරි පොඩි කාලේ ඉඳලම තිබුණ නළු උණට ඔන්න දැන් හොඳට පත්තියන් වෙන්නම බෙහෙත් හම්බෙලා තියෙන පාටක් තමයි පේන්න තියෙන්නේ. හරි ඒ කතාවත් පැත්තකින් තියමුකෝ සංගීත් කොළඹට වෙලා ඩ්‍රාමා වල shooting කරලා එහෙම හදිසියෙන් තමයි ගමේ යන්නේ. එ්ත් ඉතින් ගමේ ගියා කියලා ඉන්න ක්‍රමයකුත් තියෙනවානෙ නේද? හැබැයි සංගීත්ටත් ⁣ගෙදර ගියාම ඉන්න ක්‍රමයක් තියෙනවාලු. යාලුවන්ට ගමේ එනවා කියලා යාලුවන්ට එහෙම කිව්වට මොකද යාලුවෝ කෝල් කරලා බලනකොට ෆෝන් එකෙන් සද්දයක්වත් නෑලු. යාලුවන්ට එහා පැත්තෙන් ඇහෙන්නෙ එකම වචන සෙට් එකක් විතරලු.”ඔබ ඇමතූ දුරකථයෙන් ප්‍රතිචාරයක් නොමැත” තමයිලු ඉතිං
යාලුවන්ට අනන්තවත් ඇහෙනවා කියන්නේ. මෙහෙම ඇහුවට පස්සෙ යාලුවෝ හිතනවා ඇති ඔහොමත් පොලුතියන එක ඉතින් හරිද කියලා. හොඳම කතාව කියන්නේ, මේක අපිට කිව්වෙත් සංගීත් ගමේ ගියාම කෝල් එකක් දීලා මේ විදියටම “ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත” කියලා අහගත්ත යාලුවෙක්ම තමයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close