
සංගීත් සතරසිංහ ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන් කතා කරන්නට වුනේ ඔහුගේ පෞද්ගලික ජිවිතයේ යම් යම් සිදුවීම නිසා. ප්‍රශ්න ඉතින් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්නේ. කරන්න ඕන එකම දේ ඒවට මුහුණ දෙන එක. මේ කියන්න යන්යේ නම් ඒ ගැන නෙමෙයි.
සංගීත්ට පොඩි කරදරයක් වෙලා තිබුණා පහුගිය දවසක, ඒ රූගත කිරිමක් අතරතුර. මේ දිනවල තිරගත වෙන දෝන කතරිනා නාට්‍යයේ ඔහු රගපාන චරිතයට අසුපිට යාමට සිදුවෙලා තිබුණා. මේ රූගත කිරිම දවසේ හොඳටම වැස්ස නිසා රූගත කිරීමට සූදානම් කරලා තිබුණ අශ්වයත් තෙමිලලු හිටියේ. ඉතින් සංගිත් අශ්වයා පිට ඉද්දි ඌ කලබල වෙලා දුවලා තියෙනවා. කැලේ පුරා මේ අශ්වයා දිව්වලු. කවදාවත්ම මේතරම් වේගයෙන් යන අශ්වයෙක් පිටේ සංගීත් ගිහින් තිබුණේ නෑලු කලින්.
අශ්වයා දුවද්දි සංගීත් කොහොම හරි එක කකුලක් ගලවගෙන අශ්වයා පිටෙන් පැන්නලු. සංගීත් කියන්නේ එදා තමයිලු මරණ බය දැනුනේ හොඳටම. තමන් පැන්නේ නැත්නම් කරදරයක් පවා වෙන්න ඉඩ තිබුණා කියලා තමයි සංගීත් කිව්වේ.