
කුමාර සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් කියන්නෙ ලෝකයක්ම දන්න සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයින් යුගලයක්. මේ දෙන්නා ක්‍රිකට් ක්‍රීඩාවෙන සමුගත්තත් ඒ දෙන්නට ආදරේ කරන ක්‍රීඩා ලෝලින්ගේ අඩුවක්නම් නැහැ.
පසුගියදා මේ දෙන්න ඉන්දියවේ එක්තරා මාධ්‍ය ආයතනයක් සම්මුක සාකච්චාවකට සහබාගීවෙලා තිබුනා. මේ වේලාවේ කතා කරලා තියෙන්නෙ මේ දෙන්නගේ පවුලේ ජීවිතේ ගත කරද්දි මුහුණ දෙන්නට වෙලා තියෙන අපූරූ සිදුවීම් ගැනලු. මේ ප්‍රශ්නෙදි සංගක්කාර කියලා තිබුනෙ අපේ පවුලේ ප්‍රාධානියා බිරිද බවත් ඈය සමග කිසිම විටෙකවත් ජය ගත් නොහැකි බවත්ලු.
මේ ප්‍රශ්නෙම මුරලිදරන්ට ඉදිරිපත් කලාම ඔහුත් සංගක්කාරගේ මේ කතාවම අනුමත කරමින් ඒ වගේම පිලිතුරක් දීලා තිබුනලු. ඔහු කියලා තියෙන්නෙ බිරිද මොකද්ද කියන්නෙ ඒ හැමදේටම ඔව් ඔව් කියලා අපිට කියන්න වෙනවා එතකොට ප්‍රශ්න අඩුයි නෑ නෑ කිවොත් ප්‍රශ්න වැඩියි කියලා.
කොහොම උනත් මේ කතාව අහන් හිටපු රසිකයන්නම් කියන්නෙ ලෝකයක් ජයගත්ත මේ ක්‍රීඩකයන් දෙන්න බිරිද ඉදිරියේදී නම් පරාදයි කියලා.