Daily News
Trending

සංඛ සමඟ එඩ්වඩ් සිරිපා කරුණාවට මනුස්සකම රැගෙන යයි.




සමනොළ ගිරි මුදුනත සිරිපා කරුණාවට යන බැතිමතුන් සිරිපා බිම තැන තැන අතහැර යන පොලිතීන් අපද්‍රව්‍ය නිසා ඒ මනරම් භූමිය දිනපතා අපහරණයට ලක් වන්නේය. සීත ගඟුල යනු අද දවසේ වඩාත්ම අපවිත්‍ර ජල පරිශ්‍රය වෙයි.

සිතින් ගතින් පේවී මුනි පුදට යන බැතිමතුන් සමන් දෙවියන්ගේ අඩවිය කියා වත් නොසිතා ඒ බිම අපවිත්‍ර කරන්නේ කෙලෙසද යන්න හිතාගන්නවත් බැරි තරම් ය.

නමුත් ශ්‍රී පාද සමයේ ඒ භූමිය විනාශවන තරම දන්නේ කුණු කසල ඉවත් කිරීමේ බැරෑරුම් කාර්යයෙහි නිරතවන ආරක්ෂක අංශය සහ ස්වේච්ඡා සංවිධානය. මේ නොහික්මුණ සමාජය ශික්ෂිත කරන්නට බෝඩ් ලෑලි පමණක් ප්‍රමාණවත් නොවේ.

සංඛ දිනෙත් සහ එඩ්වර්ඩ් ජයකොඩි එකී සමාජ වගකීම වෙනුවෙන් සිය නිර්මාණ භාවිතාව කැප කරන්නේ එනිසාය

” අසිරි සුරකිමු සමනොල”

නමින් ගැයෙන මේ අපූරු ගීතය සිරිපා කරුණා කරන නොකරන සියල්ලන්ගේම පපුවටම කතා කරන්න සමත්වනවාට සැක නැත. තාරක රවිනාථගේ ඉතාම සංවේදී පදමාලාවට ප්‍රාණය දෙන්නේ සංඛ දිනෙත් සහ විශාරද එඩ්වඩ් ජයකොඩිය. ඔවුන් දෙදෙනා පරම්පරා දෙකක් ආමන්ත්‍රණය කරමින් මේ වටිනා පණිවුඩය සමාජයට මුදාහරියි. හෘද ස්පන්දනයට වඩාත් සමීපවන ලෙස වඩාත් ප්‍රබල සංගීතය නිර්මාණය කරන්නේ ද සංඛ දිනෙත් ය.

“අසිරි සුරකිමු සමනොළ” ගීතයට එතරම්ම සංවේදී රූප රචනාවක් ද නිර්මාණය වී තිබේ. පරිසරය සුරැකීම සාමූහික ප්‍රයත්නයක් බව එම වීඩියෝවෙන් මනාව මතුකර දක්වයි.

ගීත කලාව ආදර ගීත ලෙසම පමණක් එක තැන පල් වෙද්දී සංඛලා ගීතයකට ඇති සමාජ වගකීම හඳුනාගෙන වෙනස් මානයක් අතපතගාන්නේය. ප්‍රවීණයන්ගේ ද පහස ඇතිව සංඛ යන ගමන අගය කළ යුතුය.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close