Daily News
Trending

සංඛටත් දැන් නින්ද යන්නෙ නෑලු.. සංඛ දිනෙත්




නිකමට පොඩ්ඩක් හිතලා බලන්නකෝ දැන් ලංකාවේ ගායක ගායිකාවෝ කීදෙනෙක් විතර ඉන්නවද කියලා. ඒකනම් මොකක්ද ඉතින් ගණන් කරලා බලලා කියන්න පුළුවන්නෙ. ඒත් ඉතින් ඒක නෙවෙයිනේ වැඩේ ගායක ගායිකාවෝ හිටියට අහන්න පුලුවන් සිංදු කියන්නේ කීයෙන් කී දෙනාද කියලා තමයි බලන්න ඕන. ඔන්න එහෙම බැලුවොත් නම් එතන මාර අවුලක් තියෙනවා. මොකද දැන් හැදෙන සින්දු ගොඩක් අහන්න පුළුවන් ඒවා නෙවෙයි. අහන් හිටියත් විඳින්න පුළුවන් ඒවා නෙවෙයි. නිකං ලියපු වචන ටිකත් එක්ක සර බරස් ගාලා ඇහෙන මියුසික් තියෙන ඒවා තමයි තියෙන්නේ. සින්දුත් එහෙමයි ඒවා කියන artists ලත් එහෙමයි. ඒත් ඉතින් කාලෙකට එනවා හිතට වදින විදියට අහන්න පුලුවන් සිංදු. අන්න ඒ වගේ සින්දුවක් අහලා බලලා හිතට වැදුන නම් ඉතින් වැදුනාම තමයි. මෙන්න මේ කියන ජාතියෙ සින්දුවක් ලඟදි දවසක අපිට අහන්න ලැබුණා. මේ සිංදුව කියන්නේ ඔයාලා කවුරුත් දන්න කියන සංඛ දිනෙත්. ඒ වගේම තමයි මේකෙ melody, music දෙකම සංඛගෙ. සින්දුව ලියලා තිබ්බේ ෂෙහාන් ගලහිටියාව.

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දත් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ
ගිම්හානේ හීනේ ඈ පායාලා
සන්ද්‍යාවේ ආදර රූ මවනා..

මෙන්න මෙහෙම තමයි සින්දුවේ මුල පටන් ගන්නේ. ඒ කියන්නේ සංඛගේ නින්ද යන්නෙ නැති ලෙඩේ ගැන ෂෙහාන් ගලහිටියාව ලියලා තිබ්බේ එහෙමයි. අපි මේ අහපු සින්දුව ඔයාලටත් දැන් youtube එකේ අහන්න පුළුවන්. ඉතින් ඔයාලත් වැඩිවෙලා යන්නේ නැතුව දැන්ම youtube ගිහිල්ලා අහලා බලන්න සංඛගේ නින්ද යන්නැති ලෙඩේට කියන සිංදුව කොහොමද කියලා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close