
සංකේත් කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නලුවෙක්. ඒ වගේම බොහෝමයක් රසිකාවියන්ගේ ආදරය දිනාගත්ත කඩවසම් නලුවෙක්. මේ දිනවල ඔහුව ටෙලි නාට්‍ය කිහිපයකින්ම අපට දැක ගන්න පුලුවන්.
මේ තරම් ජනප්‍රිය නළුවා ගැන මේ දිනවලනම් පැතිරෙන්නේ ඒ තරම් හොද ආරංචියක් නෙමෙයි. සංකේත් මේ දිනවල විදේශ ගත වෙලාලු ඉන්නේ. මොකටද ගියේ කියලනම් අපි දන්නේ නැහැ. හැබැයි ආරංචි වෙන විදියට සංකේත් භාරගත්ත ටෙලි නාට්‍ය කිහිපයක වැඩ අතරමග නතර කරලලු ගිහින් තියෙන්නේ. මේ නිසා අධ්‍යක්ෂවරු බොහොම අපහසුතාවයට පත්වෙලාලු.
හැබැයි සංකේත් කියන්නේ නම් එයා එහෙම කලේ නැහැ කියලා. තමන් විදේශගත වෙන බව ඔවුන්ට කලින්ම කියලලු ඔහු ගිහින් තියෙන්නේ. ඒ වගේම තමයි අධ්‍යක්ෂකවරු කියන්නේ වෙනමම කතාවක්. ඇත්ත දන්නේ ඒ අයම තමයි ඉතින් නේද?