GossipsHollywood & Bollywood
Trending

ෂාහිඩ් දීපිකාගේ ‌වෙඩින් ඒකට ‌නොගියේ ඇයි?

Shahid Kapoor




Why Shahid Kapoor skipped Deepika Padukone’s wedding Exclusive from Starfiends.lk

ෂාහිඩ් (Shahid) කියන්නේ ‌බොලිවුඩ්වල සිහින කුමාරයා. ඒ් හිනාවට සුවහසක් තරුණ තරුණියන් බැඳගන්න හැකියාව තියෙනවා. ‌මේ ‌‌වෙද්දී දරුවන් ‌දෙදෙනකුගේ පියෙකු වුණත් ශාහිඩ්ට තියෙන ආකර්ශන‌යේ අඩුවක් නැහැ. ‌කොහොම වුණත් ‌මේ දිනවල ෂාහිඩ් සම්බන්ධයෙන් ‌බොලිවුඩ්වල පැතිරෙන්නේ තරමක් නරක කටකතාවක්.

Shahid Kapoor

ෂාහිඩ් ගේ ඉතාම කිට්ටුවන්ත මිතුරන් ‌දෙදෙනකු වන දීපිකා-රන්වීර් (Deepika & Ranveer) විවාහ මංඟල්‍යයටත් ෂාහිඩ්ට සහභාගී වන්න ‌නොහැකි ‌වෙනවා. කීයටවත් පුළුවන් කමක් තිබුණා නම් ෂාහිඩ් ඒ් ගමන ‌‌නොගිහින් ඉන්නේ නැහැ. ඒ්ත් එදා ‌දීපිකාලගේ විවාහ උත්සවයට සහභාගී වන්නේ ෂාහීඩ්ගේ බිරිය මීරා (Mira) පමණයි. ඒ්කට ‌හේතුව ෂාහිඩ්ට වැළඳුන අසනීප තත්ත්වයක්ලු. කටකතාවලට අනුව නම් ඔහුට වැළඳී තිබෙන්නේ උදර පිළිකාවක්. ‌මේ සඳහා ප්‍රතිකාර ගන්න සිදු වූ නිසා ෂාහිඩ්ට දීපිකාගේ විවාහ මංඟල උත්සවය මඟ හැරුණ බව තමයි ‌මේ කට කතාවලින් කියවෙන්නේ.

මේ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ නැතිව ෂාහිඩ් පිළිතුරු ‌දෙන්න ඉදිරිපත් වෙලා තිබුණා. ඔහු පවසා තිබුණ ආකාරයට ඇත්තටම ෂාහිඩ් අසනීප ‌වෙලා තියෙනවා. ඔහුට වැළඳෙන්නේ උදරාබාධයක්. ඒ්ත් කටකතා පැතිරෙන ආකාරයේ සුව කළ ‌නොහැකි ‌රෝගයක් තමන්ට නැති බවත් ෂාහිඩ් කියනවා. ‌මේ තරම් වැරදි ‌gossips ‌කොහොම නිර්මාණය කරනවා ද කියලා ෂාහිඩ්ට හිතාගන්නත් බැරි තරම්ලු. හැබැයි ෂාහිඩ් දීපිකාගේ විවාහයට සහභාගි වෙන්න නොහැකි වුණේ ඇයි කියලා නම් ‌හෙළි කරන්නේ නැහැ. ‌මේ ‌මොන කතන්දර කිව්වත් ෂාහිඩ් මුකේෂ් අම්බානිගේ දුවගේ විවාහ උත්සවයට නම් මීරා සමඟ සහභාගී ‌වෙලා තිබුණා.

පහුගිය දවස්වල ෂාහිඩ් ‌දෙවැනි වතාවට පිය පදවිය ලැබුවා. ‌‌දෙවැනි වතාවට මීරා රැගෙන විත් තිබුණේ පුතෙක්ව. ශාහිඩ් ‌මේ පුංචි පැංචාට සයින් කපූර් කියලා නම් තැබුවා. ඉතින් ඔහු දැන් දුවක් සහ පුතෙක් සිටින වගකීම් සහගත පියෙක්. ‌දෙවැනි දරුවා‌ගේ උපතින් පසුව ‌ඔවුන් පදිංචියට යන්නේ ‌කෝටි 53ක් වියදම් කරලා ශාහිඩ් මිලදී ගත්ත මහල් නිවාසයට. ඔහු ඒ් නිවස මිලදී අරගෙන තිබු‌ෙණෙත් මීරාගේ නමට. Batti Gul Chalu කියන movie එකේ තමයි ශාහීඩ් අවසන් වතාවට රඟපාන්නේ.

ඊෂා අම්බානිගේ විවාහ මංඟල්‍ය උත්සවයේදී හරිම අපූරු අහම්බයකට අවස්ථාව සැකසිලා තිබුණා. ඒහිදී පරණ ‌පෙම්වතුන් නැවත මුණගැස්වූ අතිශය සං‌වේදී අවස්ථාවක් අත්විඳින්න ෂාහිඩ්ට වගේම මීරාටත් අවකාශ සැලසෙනවා. ඒදා කරීනා කපූර් සහ ඇයගේ සැමියා සායිෆ් අලිඛාන් (Kareena & Saif Ali Khan) යන ‌දෙදෙනාවම ෂාහීඩ්ට මුහුණට මුහුණ මුණගැසෙනවා. කරීනා කියන්‌නේ ෂාහිඩ්ගේ පරණ ‌පෙම්වතිය. ‌කෙසේ නමුත් ඒම අවස්ථාවේ මීරා, ෂාහිඩ්, කරීනා, සයිෆ් කියන හතර‌ෙදෙනාම දැඩි අපහසුතාවට පත්වෙලා තියෙන බව එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූප මඟින් තහවුරු වුණා.

මේ සියල්ලටමත් වඩා කිවයුතුම කාරණාවක් තියෙනවා. ෂහීඩ් යම් ‌හෝ අසනීප තත්ත්වයකින් පීඩා විදිනවා නම් ඔහුට ඉක්මනින්ම සුවය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

Shahid Kapoor
Shahid Kapoor with wife
Shahid Kapoor with wife
Shahid Kapoor with wife
Shahid Kapoor with wife

Why Shahid Kapoor skipped Deepika Padukone’s wedding Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close