Daily NewsGossipsHollywood & Bollywood
ෂාරුක්ටත් Tamil ෆිල්ම් එකක්…

ඔයාලට මතක ඇති අවුරුදු දෙකක නිවාඩුවෙන් පස්සේ ඊයේ පෙරේදා දවසක රිතික් රෝෂන් එයාගේ අලුත්ම ෆිල්ම් එකෙන් එලියට ආවා. ඒ වගේම කවුරුවත් හිතුවෙවත් නැති විදියට ඉස්සෙල්ලම දවසෙම ෆිල්ම් එකේ ආදයම් වාර්ථා ඉහලටම ගියා. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ ඒ කතාව ගැන නම් නෙවෙයි. ඔයාල දන්නවා ඇතිනේ බොලිවුඩ්වල කිං ඛාන් කියන්නේ කවුද කියලා. වෙන කවුරුත් නෙවෙයි ඉතින් Shahrukh khan ම තමයි. ෂාරුක් කියන්නෙත් බොලිවුඩ්වල සෙල්ලං චරිතයක් නෙමෙයි. අනං මනං අවටියල් නෑ වටේ යන්නේ නැතුව කෙලින්ම වැඩේට බහින කෙනෙක් කියලා තමයි ගොඩක් දෙනෙක් එයාව හඳුනන්නේ. ඒ හින්දාමද කොහෙද තමයි ෂාරුක්ට ඒ තරම් ෆීල්ඩ් එකේ පිළිගැනීමක් තියෙන්නෙත්. කොහොමහරි ඔන්න Shahrukh khan ගේ අලුත් පිල්ම් එකකින් එයා එළියට එන්න තමයි දැන් රෙඩි වෙන්නේ. ඔයාලට මතක ඇති එයාගේ අන්තිම ෆිල්ම් එක රිලීස් උනේ ගිය අවුරුද්දේ. ඒක තමයි zero. ඉතින් මේ අලුත් ෆිල්ම් එකට ශාරුක් අතගහලා තියෙන්නේ වෙනම විදියකට. මොකද මේක ටැමිල් ෆිල්ම් එකක්. ඒකත් ඉතින් වෙනම දෙයක්නේ. හොඳම වැඩේ කියන්නේ මේ ෆිල්ම් එකට දමිළ සිනමාවේ ස්ටාර්ස්ලා කියලා හඳුන්වන විජේ එක්ක නයනතාරා සෙට් වෙලා ඉන්න එකයි. මේ වෙනකොට නම් ෆිල්ම් එක නම් කරලා තියෙන්නේ බීගිල් කියලා. කොහොම හරි මේ ෆිල්ම් එකට Sharuk විතරක් නෙමෙයි බොලිවුඩ් වලින් තවත් නළු නිලියෝ කිහිප දෙනෙක්ම සෙට් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් දැන් කවුරුත් බලන් ඉන්නේ ටැමිල් ෆිල්ම් එකකින් ෂාරුක් කොහොමද එළියට එන්නේ කියලා