Daily News
Trending

ෂාරුක්ටත් උපාධියක් – ශාරුක් ඛාන්




ෂාරුක් ඛාන් කියන චරිතය ගැන අමුතුවෙන් කාටවත් කියල දෙන්න ඕන වෙන එකක් නෑ. මොකද එහෙම කියලා දෙන්න try කරන එකත් නිකන් විහිළුවක් වගේ. ඒත් ඉතිං විිහිළුවෙන් වුණත් කියන්න තියෙන ටික කියන්න ඕනනෙ. කාලාන්තරයකට ඉස්සෙල්ලා ඉන්දියන් නළු නිලියො විතරක් නෙවේ directors ලත් ලෝකෙම ජනප්‍රිය වුණා. හැබැයි ඒ නිර්මාණවලින්. කොහොමත් කාලෙන් කාලෙට සිනමාව අයිතිකර ගන්න අය ඉන්නවා වගේ කාලයක් එනවනෙ. රාජේශ් ඛන්නා, රාජ් කපූර්, අමිතාබ් වගේ අය මුල් කාලෙ බිහිවෙන කොට අමීර්, සල්මන්, ෂාරැක් වගේ දෙවෙනි පෙලක් පස්සෙ බිහිවුණා. මේ අයගෙන් ෂාරුක් අනෙක් හැමෝටම වඩා වෙනස්කම් තියෙන පුද්ගලයෙක් කියලා ගොඩක් අය කියන්න පටන් ගත්තා.

ඉතිං අපි දන්න කියන විදියට ශාරුක් ඛාන් කියන්නේ Indian film industry එකේ හොදට කස්තිරන් අල්ලපු චරිතයක්. ඒත් ඉතිං මිනිහෙක් උනාම ඕන තරම් දේවල් තියෙනවනේ මැරෙනකම්ම වුණත් ඉගෙන ගන්න. එහෙම තමයි ඉතින් මිනිස්සු උපාධි ගන්නෙ. තවත් උපාධි තියෙනවා නිකංම වගේ හම්බවෙන දේවල් ඒවා ඉතින් අදාල අදාළ university වලින් තමයි ලැබෙන්නේ. අන්න ඒ වගේ ඩිග්‍රියක් ශාරුක් ඛාන්ටත් පහුගිය දවසක ඕස්ට්‍රේලියාවෙන් හම්බවුණා. ඒක ෂාරුක්ට හම්බ වෙන්නේ එයා කරපු මානුෂික ක්‍රියා හේතුවෙනුත් කාන්තාවන් වෙනුවෙන් ඔවුන් සවිබල ගැන්වීමේ කටයුතුවලට මූලිකත්වය ගත්ත හින්දා සහ ඉන්දියාවේ සිනමා කර්මාන්තය වෙනුවෙන් කරපු මෙහෙය වෙනුවෙන් කියලා තමයි කියන්නේ. කොහොම හරි ෂාරුක්ට ලැබුණාු මේ උපාධිය ඔන්න නිකන් එකක් නෙවෙයිලු. ඒක ගෞරව අාචාර්ය උපාධියක්ලු.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close