
Shahrukh Khan Exclusive from Starfriends.lk
bollywood කියන්නෙ හරි අමුතුම තැනක්. ඒ තියෙන අමුතුකම හින්දමද කොහෙද ගහන ගහන තුරුම්පුව හරි යනවා. එහෙමත් වෙලාවක තමයි ඒක මිස් වෙලා යන්නේ. ඒ හින්දමද කොහෙද ඉන්දියානු සිනමාව ලෝකය පුරාම කරක් ගහන්නේ. ඒක අද ඊයෙක වුණු දෙයක් නෙවෙයි. කාලාන්තරයකට ඉස්සෙල්ලා වුණත් ඉන්දියන් නළු නිලියො විතරක් නෙවේ directors ලත් ලෝකෙම ජනප්රිය වුණා. හැබැයි ඒ නිර්මාණවලින්. කොහොමත් කාලෙන් කාලෙට සිනමාව අයිතිකර ගන්න අය ඉන්නවා වගේ කාලයක් එනවනෙ. රාජේශ් ඛන්නා, රාජ් කපූර්, අමිතාබ් වගේ අය මුල් කාලෙ බිහිවෙන කොට අමීර්, සල්මන්, ෂාරැක් වගේ දෙවෙනි පෙලක් පස්සෙ බිහිවුණා . මේ අයගෙන් ෂාරුක් අනෙක් හැමෝටම වඩා වෙනස්කම් තියෙන පුද්ගලයෙක් කියලා ගොඩක් අය කියන්න පටන් ගත්තා .ඒකත් වැරදි නෑ .ශාරුක් මේ වෙනකම් කරලාම තියෙන්නෙ මිනිස්සුන්ට කතා වෙන්න පුළුවන් විදියේ වැඩ.
කොහොමහරි අපි මේ කියන කතාව නිසා ෂාරුක්ගේ පවුලේ අයටත් වඩා එයාගෙ ෆෑන්ස්ලා තමයි අවුල් ගියේ. ඔය කතා කරන්නේ ෂාරුක්ගේ පොඩි පුතා ගැන කතාවක්. එයා ඉපදුණේ නම් 2013 දී. අවුරුදු ගානකට පස්සේ තමයි මේ දෙන්නට හිතුනෙ දරුවෙක් හදාගන්න ඕනය කියලා. ඒකත් හරි ගියා. 2013 දි මේ අයට දරුවෙක් ලැබුණා. ඒ පුතෙක්. ෂාරුක්ගේ පවුලේ අයටත් වඩා මේ ගැන සතුටු වුණේ එයාගෙ රසිකයො. ඒක ඒ හැටි හිතන්න දෙයක් නෙවෙයි. මොකද ඉන්දියාව නේ.
ඔන්න පහුගිය දවසක රසිකයන්ට දැනගන්න ලැබුණා මේ ෂාරුක්ගේ දරුවෙක් උනාට එයාගේ වයිෆ් ගේ නම් නෙවෙයි කියලා. එතකොට ඉතින් මිනිස්සු නම් ඔන්න ටිකක් අවුල් ගියා. අවුල් යන්නෙ නැතුව තියේවිද දේවත්වයෙන් අදහන කෙනෙක් ඒ විදියේ දෙයක් කරාම. ඒ වුණත් ඒ පවුල් සංස්ථාව නම් දෙදරලා ගියේ නෑ. හරි ෂෝක් එකට තිබුණා. කිසිම අවුලක් තිබුණෙ නෑ. අවුල් තිබ්බෙ වට පිටේ හිටිය අයට. කොහොමත් පස්සේ තමයි කතාව හැමෝටම දැනගන්න ලැබුණෙ මොකද්ද සීන් එක කියලා. මෙයාලට දරුවෙක් ඕන කියලා හිතුනත් එහෙම දෙයක් කරන්න ලැබිල නෑ.මොකද ඒක ෂාරුක්ගේ වයිෆ්ගෙ , ගෞව්රිගෙ ගැබ් නොගැනීමේ problem එකක්. ඒහින්දා වෙනත් කාන්තාවකගේ ගර්භාෂයේ තැන්පත් කරලා තමයි දරැවා හදලා තියෙන්නේ.ඉතින් අන්න ඒක සාර්ථක වුණා .සරලම කතාව නම් ඒකයි. මේ කතාව ඉස්සරහට ආවෙ salman khan දරුවෙක් හදාගන්න සිද්ධි කරලිය ආවට පස්සෙ. කොහොමත් ඒක මහා ලොකු දෙයක් වුනේ නෑ. මොකද මේ වෙනකොට ශාරුක් විතරක් නෙමෙයි කරන් ජොහාර්, අමීර් ඛාන් පවා දරුවෙක් හදාගත්තේ මෙන්න මේ විදියට නිසා.
Shahrukh Khan Exclusive from Starfriends.lk