
බොලිවුඩ් කියන්නේ චිත්‍රපට කර්මාන්තය අතින් සෑහෙන පොහොසත් තැනක්. ඉතිං මේ නළු නිළියන්ට සල්ලිය භාගෙන් අඩුවක් නැහැ. ඒත් දෙයියනේ කෝටි 55ක් කියන්නෙ සුළුපටු ගාණක්ද?
මේ කියන්න හදන්නේ ඉන්දීය ජනප්‍රිය රංඟන ශිල්පී ෂහීඩ් කපූර් කෝටි 55ක් වැය කරලා මිලදීගත්ත දෙයක් ගැන විස්තරයක්.
ෂහීඩ් මුම්බායිවල චෝලි කියන ප්‍රදේශයෙන් අපාට්මන්ට් එකක් මිලදී අරන්ලු. සෙල්ලම් නෙමෙයි අපාර්ට්මන්ට් එකේ 42 සහ 43 කියන තට්ටු දෙකම සල්ලිවලට ගන්නේ ෂහීඩ්. මේ සඳහා ඔහු ඉන්දීය රුපියල් කෝටි 55ක් වැය කරනවා. මේක මහා පරිමාණ ව්‍යාපාරිකයකුට වුණත් කරන්න අපහසු වැඩක්.
ෂහීඩ් මේ අපාර්ට්මන්ට් එක මිලදී ගන්නේ ඔහු සහ මීරාගේ නමට. මේ දවස්වල මීරා ඇගේ දෙවන දරු උපතට සූදානමින් ඉන්නවා. ඉතිං ඒ වෙනුවෙන් පැවැත්වුණ දේව ආශිර්වාද පූජාව සිදුවුණෙත් මේ අලුත ගත්ත අපාර්ට්මන්ට් එකේදි. දේව පූජාවට පවුලේ ඥාති හිතමිතුරන් රැසක් සහභාගීවෙලත් තිබුණා. ජාන්වී කපූර් ද මේ පූජාවට සහභාගී වුණා කියලා අපිට දැනගන්න ලැබුණා.