Daily News
Trending

ශෙහානි එංගලන්තේ තානාපති කෙනෙක්ලු…




ශෙහානි කහදවල කියන්නෙ නිරූපන ශිල්පිනියක් ,රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් වෙනවා.නිරූපන ක්ශේත්‍රයෙන් කලාවට එකතු වුන ශෙහානි ඉතාම කෙටි කාලයකින් බොහෝ දෙනක් ආදරය කරන චරිතයක් බවට පත්වුනා.

මේ කියන්න යන්නේ ශෙහානී ගැන අලුත්ම ආරංචියක්.බොහෝ දෙනෙක්ට නොලැබෙන අවස්තාවක් ශෙහානිට ලැබිලා තියෙනවා.ඒ තමයි විශේෂ අවස්ථාවකට එංගලන්තයට යන්න.ලංකාවෙ විතරක් නෙමෙයි ලොකයක්ම දන්න හදුනන සබන් වර්ගයක් තමයි ලක්ස් කියන්නේ.බොලිවුඩ්වල කොයිතරම් සුපිරි තරුද මේ ලක්ස් දැන්වීම් වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා අපි හැමෝම දන්නවනේ.ඉතින් මේ තරම් ජනප්‍රිය ලක්ස් වෙළඳ සන්නාම නාමය වෙනුවෙන් ලංකාව නියෝජනය කරමින් එංගලන්තයේ ලන්ඩන් නුවරට යන්න අවස්තාව ලැබිලා තියෙන්නේ ශෙහානිට.

ඇය එංගලන්තයේ දී ලංකාව නියෝජනය කරමින් ලක්ස් සන්නාම තානාදිපතිවරියක් ලෙස කටයුතු කල අවස්තා කිහිපයක ජායාරූප අන්තර්ජාලයට එකතු කරලා තිබුනා.ඉතින් ශෙහානිට මේ ලැබුන අවස්තාවට අපිත් සුබ පතනවා.

Tags
Show More
Close