
ශිහාන් මිහිරංග කියන්නෙ අදටත් දැවැන්ත රසික ආකර්ශනයක් තියෙන ගායකයෙක්. ඉතිං ඔහුට ෆේස්බුක් රසික රසිකාවියන් අතරත් හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඒත් තමන්ට ආදරය කරන අති විශාල රසික පිරිසක් එක්ක ෆේස්බුක් එකෙන් සදහටම සමුගන්න ශිහාන් තීරණය කරනවා. දැන් ශිහාන් ෆේස්බුක් එකේ නැහැ. ඉන්නවා නම් ඒ ඉන්නෙ ව්‍යාජ ශිහාන්ලා විතරයි. ඇත්තටම ශිහාන්ට මේ තීරණයට එන්න වෙන්නෙ මේකයි. ශිහාන්ගෙ නමින් හදාගත්ත ෆේක් එකවුන්ට් කීපයක්ම තියෙනවා. ඒ හොර ශිහාන්ලා ශිහාන් වගේ පෙනී සිටිමින් දුරකථන අංක පවා හුවමාරු කරගෙන හරිම නරක විදියට රසික රසිකාවියන්ව මුලාවෙ දාලා. මේ වැඩ නිසා ඇත්ත ශිහාන්ට වෙන්නෙ විශාල ඩැමේජ් එකක්. උසාවි ගාණෙ යන්න සිද්ධවෙන තරමට වැඩේ දුරදිග යන නිසා ශිහාන් කරලා තියෙන්නෙ ෆේස්බුක් එකට සමුදෙන එක. මීට පස්සෙ ශිහාන්ගෙ නමින් කවුරු හරි පෙනී සිටිනවා නම් ඒ ඇත්ත ශිහාන් නෙමෙයි. හොර ශිහාන්ලා නිසා ශිහාන්ට වෙච්ච අකරතැබ්බ රාශියක් තියෙනවා. දවසක් ගෙදර වැඩ කරපු බාස් කෙනෙක්ගේ වයිෆ්ටත් බොරු ශිහාන් කෙනෙක් කතා කරලා. රුපියල් දෙසීයක් ඊසි කෑෂ් වලින් දාන්න කියලා තමයි කියලා තියෙන්නෙ. තව දවසක් හොර ශිහාන් කෙනෙක් ශිහාන්ගේ නීති ක්ෂේත්රයේ සිටින යාළුවෙක්ට හරිම නරක විදියට කතා කරලා. මේ ප්‍රශ්නේ දුරදිග ගිහිං අන්තිමේ නීතිය ඉස්සරහටත් යන්න වෙනවා. ඒත් ඒ යාළුවා තේරුම් ගන්නවා ඒ ඇත්ත ශිහාන් නෙමෙයි කියලා. මෙන්න මේ වගේ වැඩ නිසා තමයි ශිහාන්ට ෆේස්බුක් අතාරින්න සිදුවුණේ.