
ශිහාන් මිහිරංග කියන්නේ රියැලිටි වේදිකාවෙන් ක්ෂේත්‍රයට පිවිසි රියල්ම තරුවක්. සුපිරි කිරුළ දිනාගන්න අසමත් වුණත් ශිහාන්ට ලැබුණ ජනතා ප්‍රසාදය අසීමිතයි. ඇත්තටම ඒක යොවුන් වියේ උන්මාදයක් බවටත් පරිවර්තනය වුණා.
දැන් ශිහාන් ස්ථාවරත්වයක් ගොඩනගාගත්ත ගායකයෙක්. ඒ වගේම පෞද්ගලික ජීවිතයේත් ඔහු ස්ථාවරයි. පුතාලා දෙන්නකුට ආදරණීය පියෙක් වූ ශිහාන් දයාබර ස්වාමිපුරුෂයකු ද වනවා.
ශිහාන්ගේ ආදරණීය බිරිය ගෙෂ්නි ක්ලෙමෙන්ටා කියන විදියට නම් පෙම්වතා කාලේ ශිහාන් හරිම කේන්තිකාරයෙක්ලු. ඉවසීමත් අඩුයිලු. ඒත් විවාහයෙන් පස්සේ කේන්තියන ගතිය හුඟක් දුරට අඩුවුණා කියලා ක්ලෙමෙන්ටා කියනවා.
විවාහ වුණාට පස්සේ ගෑනු ළමයින්ගෙන් ශිහාන්ට ලැබුණ ආකර්ෂණයේ වෙනසක් වෙලා නැහැ. කලින් වගේම ගෑනු ළමයි ආකර්ෂණය වෙලා තියෙනවා. හැබැයි ක්ලෙමෙන්ටා කියන විදියට පස්සේ පස්සේ ශිහාන්ට පිරිමි ළමයින්ගේ ආකර්ෂණයත් වැඩිපුර ලැබිලා තියෙනවා.
ශිහාන් ගෙදර ඉන්න වෙලාවට හුඟාක්ම කැමති තනියම නිදහසේ ඉන්නලු. ඒ වුණාට ශිහාන් කියන්නේ ඉතාම හොඳ තාත්තා කෙනෙක්.
ශිහාන්ගේ නරකම ගතිගුණය තමයි ඉක්මණින්ම කේන්තිගන්න එක. හැබැයි ඉතිං ඒ කේන්තිය ඉක්මනින්ම නිවෙනවා කියලත් ශිහාන්ගෙ බිරිය ක්ලෙමෙන්ටා කියනවා.