
ශාරුක් ඛාන් කියන්නේ සාර්ථකත්වයේ හිනිපෙත්තේ සිටින නළුවෙක්. ඔහුගේ පවුල් ජීවිතය ගත්තත් ඉතාම සාර්ථකයි. තාත්තා කෙනෙක් ස්වාමිපුරුෂයෙක් වගේම ව්‍යාපාරිකයකු ලෙසත් ශාරුක් සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඉන්නවා.
හැමදේම තියෙන ශාරුක් ට අහිමි වෙච්ච දෙයක් ගැනයි අපි ඔබට කියන්න හදන්නේ. සාමාන්‍යයෙන් සිනමා කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින්නේ හොලිවුඩ් සිනමාව. ඕනම නළුවෙක්ට හොලිවුඩ් සිනමාවට පය තැබීමට ලැබීම සිහිනයක්. කිංග් ඛාන් ට වුණත් එහෙමයි. ශාරුක් ගේ රංඟන කෞශල්‍යය මොන තරම් පොහොසත් එකක් වුණත් මේ වනතුරු ඔහුට හොලිවුඩ් සිනමාවට ප්‍රවේශ වන්න නොහැකි වෙනවා.
එහෙම වුණේ ඇයි? මේ ගැන ශාරුක් මේ වගේ අදහසක් පළකරනවා.
හොලිවුඩ් චිත්‍රපට කරුවන්ට ඉදිරියේ දිනක ඔහු දෙස බලන්න සිදුවේවි කියලා ශාරුක් මුලින්ම කියනවා. මම ඒක කරන්න තරම් සුදුසුයිද කියලා මම දන්නෙ නැහැ. ඒත් මේ වනතුරු මට එහෙම ආරාධනාවක් ලැබිලා නැහැ. මගේ ඉංග්‍රීසි ටිකක් දුර්වලයි. සමහරවිට ඒකත් හේතුවක් වෙන්න පුළුවන්.
මේ කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි බොලිවුඩ් සිනමා කර්මාන්‍තය හොල්ලගෙන සිටින කිංග් ඛාන්.
ශාරුක් ගේ මේ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් එක්ක නුදුරු දිනෙක ඔහුට හොලිවුඩ් සිනමාවෙන් ආරාධනාවක් ලැබෙන්නත් ඉඩ තියෙනවා.
හිතන්න ටොම් කෲස් ට බොලිවුඩ් සිනමාවට ආරාධනා ලැබුණොත් ඔහු හොඳට හෝ නරකට මොන තරම් පුදුමයට පත්වෙයිද කියලා? ශාරුක්ට හොලිවුඩ් සිනමාවට ආරාධනා ලැබුණත් ඒ තරමටම පුදුමයක් ලු.
ශාරුක් ඉතා විශාල වියදමක් දරා නිපැදවූ ZERO කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා. කත්‍රිනා කයිෆ් සමඟ අනුශ්කා ශර්මා තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. මේ අවුරුද්දේ දෙසැම්බර්වල සීරෝ ප්‍රදර්ශනය වීමටත් නියමිතයිලු. මේ මොනවා තිබුණත් ශාරුක්ගේ හීන සම්පූර්ණ වෙන්නෙ නෑ. ඒකට හොලිවුඩ් හීනයත් සම්පූර්ණ වෙන්න ඕනෙ. ඉතිං ඔක්කෝටම කලින් ශාරුක්ට කඩ්ඩ පොලිෂ් කරගන්න වෙයිද කියලා තමයි හිතාගන්න බැරි. මොකද ශාරුක් කියන්නේ හොලිවුඩ් සිනමාව මගහැරෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති කියලනේ.