GossipsHollywood & Bollywood

ශ්‍රී දේවි මියගිය බවට පල වූ හදිසි පුවතින් බොලිවුඩ් සුපිරි තරු කම්පනයට පත්වුණු හැටි…




සුශ්මිතා සෙන්

ශ්රිදේවි මැඩම් දරුණු හර්දයාබාධයකින් මියගියා කියන පුවත අහලා මම හුගක් කම්පනයට පත් වෙලයි ඉන්නේ. මට අඩන එක නතර කරන්න බැහැ.

රිතික් රෝෂන්

මම ඇයට ආදරය කළා. ගොඩාක් ගෞරවය කළා. මගේ මුල්ම රංගනය තිබුනේ ඇයත් සමග. ඇය ඉදිරිපිට මම තරමක් නොසන්සුන් වෙලා හිටියේ. නමුත් මට මතකයි එදා ඇය මගේ අත අල්ලාගෙන මට ආත්ම ශක්තිය වර්ධනය කරගන්න උදව් වුනා. මම ඇය පිළිබඳව මවාගෙන හිටපු ආකාරය නිවැරදි වෙනතුරුම ඇය සිනාසුනා.

අක්ශේ කුමාර්

සුපිරි තාරකාවිය ශ්රිදේවි කියූ සැනින් මට මතක් වෙන්නේ වසගයට පත්කරගන්නට සමත් වූ ඇගේ දීප්තිමත් ඇස් දෙක සහ රිදී තිරය බබලවූ ඇයගේ අතිශය ප්රබල රංගනය.

අමීර් කාන්

තවමත් එය අදහා ගන්න බැහැ. මම කම්පනයට පත්වෙලා ඉන්නේ. ඇය බොලිවුඩ් සිනමාවේ නියමම ලකුණක්.

ප්රියංකා චොප්රා

මට විස්තර කරගන්න වචන නැහැ. අද හරිම අඳුරු දවසක්. ශ්රිදෙවියන්ට ආදරය කරන සියලුම දෙනා වෙනුවෙන් මම අතිශය කණගාටුව පලකරනවා.

ආලියා බාට්

මට කිසිම හැගීමක් විස්තර කරගන්න වචන නැහැ. සිනමාවේ මම වඩාත්ම කැමති ලකුණ. ශ්රීදේවි ඔබ සමාදානයේ සැතපේවා.

ශිල්පා ශෙට්ටි

හදවතට දරාගන්න බැරි පුවත නිසා මම මේ වෙලාවේ ඉන්නේ දැඩි කම්පනයකින්. ශ්රී ජී, ඔයාගේ ආත්මය සුන්දර එකක් වේවා. මේ සමුගැනීම හරිම වෙදනකාරී අත්දැකීමක්.

ශාරුඛ් ඛාන්

ඔයාට මාව මතකයි. මටත් හුගක් මතක්වෙනවා ශ්රිදේවි ජී

Tags
Show More
Close