
බොලිවුඩ් නිළියෝ ගැන නම් කවර කතාද නේද?.එක පාරක් බැලුවොත් ඉතින් දෙවැනි පාර විතරක් නෙවෙයි තුන් හතර සැරයක්ම බලන්න තරම් හැඩයි. ඒක ඉතින් කාටවත් කියන්න දෙයක් නෙවෙයිනෙ. ඒක හැමෝම දන්න කවුරුත් කතා නොවන දෙයක්. කොටින්ම කියනවා නම් ඉතින් ඒ සේරම ඉටි රූප වගේ තමයි. නිකමට හිතලා බලන්නකො ඉටි රූපයක් වගේ ඉන්න නිළියක් එක්ක ලඟින් ඉන්න තියෙනවා නම් කොහොමද කියලා. ඒ ගැන නං ඉතිං කියන්න වචනත් නෑ නේද? මේ කියන්න හදන්නෙත් ඉටි රූපයක් වගේ හිටපු නිළියක් ඉටි රූපයක් වුණ කතාවක් ගැන විස්තරයක්.
ඔයාලට මතක ඇති මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා ඉන්දියාවේ අතිශය ජනප්‍රිය නිළියක් වුන ශ්‍රීදේවි ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා සදහටම ජීවිතයෙන් සමුගෙන යන්නම ගියා. ඒත් ඉතිං කාටවත් ඒ මතකයන් අමතක කරන්න තවමත් බැරිවෙලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි madame tussauds කෞතුකාගාරයේ දී වෙච්ච සිදුවීම. ඒක තමයි පහුගිය සැප්තැම්බර් 4 වෙනිදා වෙනිදා ශ්‍රීදේවිගේ ඉටි රුපයක් madame tussauds කෞතුකාගාරයේ දී විවෘත කරපු එක. මේ වෙලාවෙදි බොනී කපූර් වගේම එයාගේ දුවලා දෙන්නත් මෙතනට සම්බන්ධ වෙලා තියෙනවා. සැප්තැම්බර් 4 වැනිදා මේ ඉටි රූපය විවෘත කරාට ඒකට අදහස පහළ වෙලා තියෙන්නේ ඊටත් කාලෙකට ඉස්සෙල්ලා. කෞතුකාගාරයෙන් නිවේදනයක් නිකුත් කරලා තිබ්බේ අගෝස්තු මාසේ මැද හරියෙදි තමයි මෙහෙම ඉටු රූපයක් විවෘත කරනවාය කියලා. කොහොම හරි ඉතින් දැන් ශ්‍රීදේවි ට ආදරේ කරන හැමෝටම ශ්‍රීදේවි ජීවතුන් අතර නැතිවුණත් එයාගේ ලඟින්ම ඉඳලා ෆොටෝ එකක් ගන්නත් ඔන්න දැන් චාන්ස් එකක් ලැබිලා තියෙනවා. ඒක ඉතින් ශ්‍රීදේවි ජීවතුන් අතර ඉන්න කොටවත් කාටවත් ලැබුණ චාන්ස් එකක් නෙවෙයිනේ.